Posts

Showing posts from August, 2021

උපදේශනය තුළින් අපේක්ෂා කරන ඉලක්ක

  උපදේශනයේ ඉලක්ක.....          මනෝවිද්‍යා  උපදේශකවරයෙකු වශයෙන් උපදේශන ක්‍රියාවලියේදී අපේක්ෂා කරන ඉලක්ක කිහිපයකි.මනෝවිද්‍යාත්මක සෛධාන්තික ආකෘතීන් හා සමාජමය අරමුණු ගෙන බලන විට මනෝ උපදේශනයේ ඉලක්ක හා මනෝප්‍රතිකාරයේ ඉලක්ක විවිධ වනු ඇත.මනෝඋපදේශන ඉලක්ක හා මනෝප්‍රතිකාර ඉලක්ක පිළිබඳ විවිධ අදහස් තිබේ. වර්තමානයේ උපදේශනය විෂය ක්ෂේත්‍රයට වැඩි ඉල්ලුමක් පවතී.එනම්,සමාජය තුළ,එදිනෙදා ජීවිතයේ මිනිසුන් මුහුණ දෙන්නා වූ විවිධ ගැටළු පවති.මෙම ගැටලු හේතුවෙන් මිනිසුන් මානසික අක්‍රමතාවන්ට ගොදුරු වීමට ඉඩ ඇත. උදා:- ආර්ථික අපහසුතා (දුප්පත්කම ) මෙම දුප්පත්කම ආර්ථික අපහසුතා හේතුවෙන් පැනනගී.එවිට මානසික වශයෙන් පුද්ගලයනට ක්ලමතය ඇතිවේ.මෙලෙස සමාජය අනුව,සංස්කෘතිය අනුව,උපදේශන න්‍යායන් අනුව,උපදේශන ඉලක්ක,මනෝප්‍රතිකාර ඉලක්ක ආදී සියල්ල ඉදිරිපත් වේ. මෙම උපදේශන ඉලක්ක ප්‍රකාශිතව නිරාවරණය වේ.එසේ නොමැතිනම් උපදේශකවරුන් මෙම ඉලක්ක ව්‍යංගයෙන් හෝ අපේක්ෂා කරනු ලැබේ. 1. අන්තර්ඥානය   උපදේශනය සඳහා අන්තර්ඥානය වැදගත් වේ.  අපගේ ඇතුළාන්තයෙන් එන්නා වූ එන්නා වූ ඥානය අන්තර්ඥානය වේ.යම්කිසි පුද්ගලයකුගේ මානස...