උපදේශනය තුළින් අපේක්ෂා කරන ඉලක්ක

 

උපදේශනයේ ඉලක්ක.....

      

  මනෝවිද්‍යා  උපදේශකවරයෙකු වශයෙන් උපදේශන ක්‍රියාවලියේදී අපේක්ෂා කරන ඉලක්ක කිහිපයකි.මනෝවිද්‍යාත්මක සෛධාන්තික ආකෘතීන් හා සමාජමය අරමුණු ගෙන බලන විට මනෝ උපදේශනයේ ඉලක්ක හා මනෝප්‍රතිකාරයේ ඉලක්ක විවිධ වනු ඇත.මනෝඋපදේශන ඉලක්ක හා මනෝප්‍රතිකාර ඉලක්ක පිළිබඳ විවිධ අදහස් තිබේ.

වර්තමානයේ උපදේශනය විෂය ක්ෂේත්‍රයට වැඩි ඉල්ලුමක් පවතී.එනම්,සමාජය තුළ,එදිනෙදා ජීවිතයේ මිනිසුන් මුහුණ දෙන්නා වූ විවිධ ගැටළු පවති.මෙම ගැටලු හේතුවෙන් මිනිසුන් මානසික අක්‍රමතාවන්ට ගොදුරු වීමට ඉඩ ඇත.

උදා:- ආර්ථික අපහසුතා (දුප්පත්කම )

මෙම දුප්පත්කම ආර්ථික අපහසුතා හේතුවෙන් පැනනගී.එවිට මානසික වශයෙන් පුද්ගලයනට ක්ලමතය ඇතිවේ.මෙලෙස සමාජය අනුව,සංස්කෘතිය අනුව,උපදේශන න්‍යායන් අනුව,උපදේශන ඉලක්ක,මනෝප්‍රතිකාර ඉලක්ක ආදී සියල්ල ඉදිරිපත් වේ.

මෙම උපදේශන ඉලක්ක ප්‍රකාශිතව නිරාවරණය වේ.එසේ නොමැතිනම් උපදේශකවරුන් මෙම ඉලක්ක ව්‍යංගයෙන් හෝ අපේක්ෂා කරනු ලැබේ.

1. අන්තර්ඥානය 

උපදේශනය සඳහා අන්තර්ඥානය වැදගත් වේ.  අපගේ ඇතුළාන්තයෙන් එන්නා වූ එන්නා වූ ඥානය අන්තර්ඥානය වේ.යම්කිසි පුද්ගලයකුගේ මානසික චිත්තවේග ඇතිවනුයේ කෙසේද?යන්න පිළිබඳ අන්තර්ඥානයක් ඇතිකරගත හැක.එසේම හැඟීම් හා චර්යාවන් විචාරශීලීව පාලනය කිරීමේ ශක්‍යතාව මින් ඇතිවේ.

උදා:- id කොතැනද එතැන ego වේ.

                             Ego ශක්තිමත් නම් යමෙකුගේ ගැඟීම් හා චර්යාවන් පාලනය කරගත හැක.

උපදේශනයේදී යම් පුද්ගලයෙකුගේ ගැටලුවක් සම්බන්ධයෙන් අන්තර්ඥානක් ඇතිකරගත හැක.

 2. වෙනත් අය සමග පවතින සබදතාවය

 උපදේශනය තුළින් වෙනත් අය සමග ඉතා යහපත් ආකාරයෙන්, අර්ථාන්විතව,තෘප්තිමත් සබදතා ඇතිකරගත හැක.

උදා:- පවුල තුළ වඩ කරන ස්ථානය,පාසලේ අන් අය සමග ඉතා අර්ථාන්විතව ,යහපත් අයුරින්,සබදතා පවත්වා ගැනීමට උපදේශනය හරහා ලැබේ.

උදා:- නව යෞවන උපදේශනය 

මෙහිදී යම් දෙදෙනකු අතර ප්‍රේම සබදතාවයක් පවතී.නමුත් ඔවුන් තුල යම් විරසකවීම් ද පවතී.උපදේශනය හරහා මොවුන්ට තෘප්තිමත් ,අර්ථාන්විතව ආකාරයෙන් එම දෙදෙනාගේ සබදතාවය තබාගෙන යහපත් අයුරින් ඉදිරියට ගෙනයාමට අවශ්‍ය උපදෙස් ලබාදීම සිදුවේ.

  3. ආත්ම සම්ප්‍රජානනය

ආත්ම සම්ප්‍රජානනය යනු තමා පිළිබඳ පවතින දැනුවත් භාවයයි.සිරකරන ලද හෝ ප්‍රතික්ෂේප කරන ලද සිතුවිලි ,හැඟීම් චර්යා දෙස සම්ප්‍රජානනකාරි බවක් ඇතිකරගත යුතිය.

උදා:-  යමයෙකුගේසිරගත කරන හෝ ප්‍රතික්ෂේප කරනු ලැබූ හැගීම් , චර්‍යා සම්බන්ධයෙන් සම්ප්‍රජානනකාරි බවක් ඇතිකරගත හැක.

එසේම මෙම ස්ව සංකල්පය ආත්ම සංකල්පය වෙනත් අය විසින් නිවැරදිව සංජානනය කරගනු ලබනුයේ කෙසේද යන්න පිළිබඳ හැගීමක්,අවබෝධයක් ඇතිකරගත හැක.

  4. ස්වයං පිළිගැනීම 

තමා තමාවම පිළිගැනීම වේ.මෙහිදී ස්වයං විවේචන හා ප්‍රතික්ෂේපවීම් වලට අදාල අත්දැකීම් සදහා ධනාත්මක ආකල්ප ඇතිකර පිළිගැනීමක් ඇතිකළ හැක.මෙහිදී තමා විසින් තමාව පිළිගැනීම සම්බන්ධයෙන් අවබෝධයක් ලබාදීම උපදේශනය හරහා සිදුවේ 

උපදේශකවරයා විසින් උපදේශනලාභියා තුළ ධනාත්මක,ස්වයං පිළිගැනීමක් ඇතිකරයි.

උදා:- ප්‍රේම සබදතාවයක් බිදවැටීමෙන් පසු එම පුද්ගලයා විසින් තමාවම ප්‍රතික්ෂේප කිරීමට ලක්කරගනු ලැබේ.

එහෙදී උපදේශකවරයා එම පුද්ගලයා තුල පවතින ස්වයං ප්‍රතික්ෂේප වීම්,විවේචනයන් වලින් තොරව මට මෙම ගැටලුව විසදාගත හැකි යැයි පිළිගැනීමක් ඔහු තුළ ඇති කරයි.

 5. ආත්ම සාක්ෂාත්කරණය හෝ පුද්ගලායනය

පුද්ගල අභ්‍යන්තරයේ පවතින විභව ශක්තිය පූර්ණ කරගැනීම සදහා යම්කිසි දිශානතියක් ඇතිකරගැනීම ආත්මසාක්ෂාත්කරණය වේ.උපදේශනය මගින් මේ සදහා මග පෙන්වයි 

උදා:- විභාගය අසමත් වූ අයෙක් ප්‍රශ්න හමුවේ තම විභව ශක්තිය වර්ධනය කරගනිමින් තමාට ලගාවිය හැකි උපරිමයට ලගා වීම ආත්මසාක්ෂාත්කරණය වේ.


 6.අවබෝධය

තමා විසින් ස්වයං ඥානයෙන් යමක් අවබෝධ කර ගැනීමයි .

උදා:- බුදුන්වහන්සේ 

                  ආධ්‍යාත්මික වශයෙන් පිබිදීමක් උපදේශන ලාභියා තුල ඇතිකිරීම උපදේශනය හරහා සිදුවේ.

යම්කිසි ගැටලුවකින් මානසිකව වැටුණු අයෙකු තුළ ආධ්‍යාත්මික වශයෙන් පිබිදීමක් ඇතිකිරීම උපදේශනය මගින් උපදේශකවරයාට කළ හැක.

 7. ගැටලු විසදිම

උපදේශනලාභීයාට තනිව විසදාගැන්මට නොහැකි වූ ගැටලුවකට අදාල විසදුම ලබාගැනීම සදහා උපදේශකවරයා සහය වන අතර උපදේශනලාභියා විසින් එය විසදා ගනී.

 8. මනෝවිද්‍යාත්මක අධ්‍යාපනය 

චර්‍යාව අවබෝධ කරගැනීම හා පාලනය කරගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන අදහස්  හා ක්‍රමශිල්ප උපාර්ජනය කරගැනිමට අවශ්‍ය කරන හැකියාව උපදේශනලාභියා තුල ඇතිකරයි.


 9. සමාජ කුසලතා ඇතිකිරීම

සමාජ හා අන්තර්පුද්ගල සබදතා ඇතිකිරීම උපදේශනයේ ඉලක්කයක් වේ.

උදා:- අක්ෂි සබදතා ,කතාබහට ප්‍රවිධ්ඨ වන ආකාරය, ආවේග පාලනය  , ආත්ම විශ්වාසයෙන් ඉදිරිපත් වීම.

10. ප්‍රජානන වෙනසක් ඇතිකිරීම 

අතාර්කික විශ්වාසය ඉවත්කොට තාර්කික විශ්වාස ඇතිකරනු ලැබේ.එසේම අතාර්කික සිතුවිලි ඉවත්කොට තාර්කික සිතුවිලි ඇතිකරයි .විකෘති හා දූශ්‍ය සිතුවිලි මගින් ස්වයං විනාශකාරි චර්‍යා රටාවන් ඇති වේ.මේවා උපදේශනයෙන් ඉවත් කරනු ලැබේ.

11. චර්‍යාව වෙනස් කිරීම

විකෘති හෝ ස්වයං විනාශකාරි චර්‍යා රටාවන් වෙනුවට යහපත් චර්‍යා රටාවන් ඇතිකිරීම 

12. ක්‍රමානුකූල වෙනසක් ඇතිකිරීම

සමාජක්‍රමයට ගැලපෙන පරිදි ක්‍රමානුකූල වෙනසක් එම පුද්ගලයා තුල ඇති කිරීමයි 

උදා:- පවුල් ක්‍රමයට ගැලපෙන ලෙසට ජීවත් කිරීමට හුරුකිරීම උපදේශනය හරහා සිදුවේ.

13. සවිබල ගැන්වීම

පුද්ගලයෙකුගේ කුසලතා මත වැඩකිරීමට පොළබවයි.තම ජීවිතය පාලනය කර ගැනීමට  හැකියාවක් ඇතිකරයි.දැනුවත්භාවයක් ඇතිකරයි .

උදා:- පුද්ගලයෙකුට ප්‍රශ්නයක් නොමැතිව ජීවත්වීමට සවිබල ගන්වයි.

14. ප්‍රතිෂ්ඨාපනය 

පෙර තිබූ ස්වයං විනාශකාරි චර්‍යාරටාවන් වෙනුවට යහපත් චර්‍යාරටාවන්  ප්‍රප්‍රතිෂ්ඨාපනය කෙරේ.

15.උත්පාදකතාව හා සමාජ ක්‍රියා

වෙනත් අයට රැකවරණය සැලසීමේ ශක්‍යතාවයයි.දේශපාලනයේදී හා සමාජ වැඩ වලදී යහපත් සිතුවිලි ඇතිකිරීම සිදුකරයි .

           සමස්තයක් වශයෙන් මනෝගතික උපදේශකවරු අන්තර්ඥානය කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන අතර ,මානුෂවාදී උපදේශකවරුන් ස්වයං පිලිගැනිම, පුද්ගල නිදහස යනාදියට අවධානය ලබාදේ.සමාජ ප්‍රජානන චර්‍යා උපදේශකවරු   චර්‍යාව වෙනස් කිරීම, ප්‍රජානනය වෙනස්කිරීම ආදී ඉලක්කයනට වැඩි වශයෙන් අවධානය ලබාදේ.










































 













































Comments

Popular posts from this blog

උපදේශන කුසලතා

සංගහනය සහ නියැඳිය