Posts

Showing posts from July, 2021

උපදේශන මනෝවිද්‍යාඥයාගේ කාර්යයන්

 උපදේශන මනෝවිද්‍යාඥයකු සිදු කරනුයේ මොනවාද? 1.ප්‍රධාන වශයෙන් උපදේශන මනෝවිද්‍යාඥයකු සිදුකරනුයේ උපදේශනලාභීන් සමග කටයුතු කිරීමයි.එනම්, උපදේශනය අවශ්‍ය කරන පුද්ගලයන් සමග කටයුතු කිරීමයි. 2.එසේම පුළුල් පරාසයක පැතිර පවතින කාරණා සම්බන්ධයෙන් අවධානය යොමුකරයි. 3.මනෝප්‍රතිකාර සිදුකරයි.       උදා:- මානසික ලිහිලන අභ්‍යාස                 මෝහනය                 ප්‍රජානන ප්‍රතිකාරය                4.උපදේශකවරයකු ඉගැන්වීමක් සිදුකරයි. පර්‍යේෂණයන් සිදුකරයි. සමාජයේ පවතින ගැටලුවක් මුල්කරගෙන පර්‍යේෂණ සිදුකරයි.       උදා:- වැඩිහිටි නිවාසවලට දෙමාපියන් යොමුවනුයේ ඇයි?                 වැඩිවශයෙන් දික්කසාද සිදුවනුයේ ඇයි?      මේවාට පර්‍යේෂණ සිදුකර විසඳුම් ඉදිරිපත් කරයි. 5. වෘත්තීය සංවර්ධනය සම්බන්ධයෙන් උපදේශන මනෝවිද්‍යාඥයන් සැලකිලිමත් වේ. 6.තක්සේරුකරණයන් සිදුකරයි.     උදා:- මානසික රෝග පිළිබඳ    ...

ෆ්‍රොයිඩ්ගේ මනස පිළිබඳ සංකල්පය

Image
  ෆ්‍රොයිඩ්ගේ මනස පිළිබද සංකල්පය පෞරුෂයට බලපාන ආකාරය..... ෆ්‍රොයිඩ්ගේ ඉගැන්වීම් අනුව මිනිස් මනස ප්‍රධාන අංශ තුනකින් සමන්විතය.එනම්, විඥානය උපවිඥානය අව්ඥානය ආදී වශයෙනි.මනසෙහි මෙම කොටස් තුන පිහිටා ඇති ස්වභාවය විස්තර කිරීම සදහා ෆ්‍රොයිඩ් විසින් උපමාවක් දක්වා ඇත.එනම්  "සාගරයේ පාවෙන අයිස් කන්දකී" අයිස් කන්දේ පිටතට පෙනෙන හතරෙන් එකක් වැනි සුළු කොටස මොහු හඳුන්වා ඇත්තේ "විඥානය" නමිනි.විඥානයට සම්බන්ධ ක්‍රියාවන් ලෙසට, චින්තනය තර්කනය කථනය ප්‍රජානනය   වැනි ස්වෙච්ඡාවෙන්ම සිදුකරනු  ලබන ක්‍රියාවන් අදාල වේ. එසේම මුහුදු මට්ටමට පහතින් පිහිටා ඇති,එනම් ගැඹුරු මුහුදේ පවතින හතරෙන් තුනක් වැනි කොටස ෆ්‍රොයිඩ් හඳුන්වනුයේ "අවිඥානය" ලෙසිනි.අවිඥානය අපගේ අවබෝධයෙන් දුරස්ව පිහිටා ඇත.එසේම අවිඥානය මනසේ වැදගත්ම අංශය ලෙසට ෆ්‍රොයිඩ් සැලකුවේය.අවිඥානය යනු මනසේ ප්‍රබලම අංශය වේ. අවිඥානය මනසේ වැදගත්ම කොටස වීමට බලපෑ සාධක සාධක නම්, අවිඥානය මනසෙහි විශාලම කොටස වේ. අවිඥානය මනසේ ප්‍රධානම කොටස වේ. පුද්ගලයාට සහජයෙන්ම උරුම වේ. පුද්ගලයා උපතින්ම ගෙනෙනුයේ අව්ඥානයයි.අවිඥානික ගුලියක් ලෙසට පුද්ගලයා උපත ලබයි.පසුවිග...

මනෝලිංගික අවධි

 පෞරුෂ සංවර්ධනය  සම්බන්ධයෙන් ඉදිරිපත්වන මනෝලිංගික අවධි පුද්ගලයාගේ පෞරුෂ සංවර්ධනය අවධි කිහිපයක් ඔස්සේ සිදුවන බව ෆ්‍රොයිඩ් පවසා ඇත.ඒවා හුදෙක්, මනෝලිංගික  ආශයන්ගේ වර්ධනයක් වශයෙන් විග්‍රහ කරයි.ඔහු පවසන ආකාරයට ඕනෑම මිනිසෙකු සතුව උපතේ පටන් ක්‍රියාත්මක වන "ලිබිඩෝ"නමින් හැදින්වෙන ශක්ති විශේෂයක් පවතින බව පවසයි.ඔහු මෙය "ලිංගික රුචිය" ලෙසද හදුන්වා ඇත.මෙය අවධි 5ක් යටතේ සංවර්ධනය වේ.එනම්, මුඛීය අවධිය(The Oral Stage) පායුක අවධිය(The Anal Stage) ලිංගරූපී අවධිය(The Phallic Stage) සැඟවුණු අවධිය (The Latent Stage) ප්‍රජනන අවධිය (The Genital Stage) ෆ්‍රොයිඩ් විසින් මේවා "මදජනක කලාප "ලෙසද හදුන්වා ඇත.සිග්මන් ෆ්‍රොයිඩ් ළමා සංවර්ධනයේ අනාවැකි පලකල හැකි මුල් ළමාවියේ අවධි කිහිපයක් නිරීක්ෂණය කලේය.ළමයෙකුගේ චර්‍යාව ඔහුගේ හෝ ඇයගේ එක් එක් කොටස් දෙසට දිශානත වී ඇති බව පැවසීය. උදා:- මවු කිරි දීමේදී මුඛය           වැසිකිළි පුහුණුවේදී ගුදය                  ආදී වශයෙනි. ඔහු පවසන ලෙසට වැඩිහිටියන්ගේ නියුරෝෂීය අක්‍රමතා ඇතිවනුයේ ළමාවියෙහි ලිංගික...