සංගහනය සහ නියැඳිය

නියැදීම 

විශාල සමූහයක් පිළීබඳ නිගමන වලට එළඹීමේදී අදාල සමූහය නියෝජනය වන ලෙස කුඩා කොටසක් පරික්ෂා කිරීමෙන් නිගමනවලට පැමිණෙන අවස්ථා හඳුනාගත හැක.එය නියැදීමයි.

උදා:- වෙළදපොලට නව නිෂ්පාදනයක් හදුන්වා දීමට යාමේදී එයට පැවතිය හැකි ඉල්ලුම පිළිබඳ තෝරාගත් පාරිභෝගිකයන් කිහිපදෙනෙකුගෙන් අදහස් ලබාගෙන ඒ අනුව නිගමන වලට එළැඹීම.

සංගහනය

කිසියම් අධ්‍යනයකදී අධ්‍යනයට භාජනය විය යුතු සියලුම ඒකකයන්ගේ කුලකය සංගහනය වේ.

උදා:- කැළණිය විශ්ව විශ්‍යාලයේ මේ වනවිට සිටින සියලුම සිසුන්

සංගහන වර්ගීකරණය

සංගහනය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ.

1. සංගහනයේ පවතින ඒකක ප්‍රමාණය අනුව
2. සංගහනයේ පවතින ඒකකවල ස්වභාවය අනුව

සංගහනයේ පවතින ඒකක ප්‍රමාණය අනුව,

  • පරිමිත සංගහනය
  • අපරිමිත සංගහනය
පරිමිත සංගහනය

        සංගහන ඒකක සංඛ්‍යාව ගැනිය හැකිය.
        සංගහන ඒකක පරිමිත සංඛ්‍යාවකී.( සීමිත සංඛ්‍යාවක් සහිත නිශ්චිත ඒකක සංඛ්‍යාවකින් යුක්ත සංගහනයකී.)

උදා:- කිසියම් නිශ්චිත කාල පරාසයකදී ශ්‍රී ලංකාවේ ජීවත් වන කුටුම්භ


අපරිමිත සංගහනය

        සංගහන ඒකක සංඛ්‍යාව ගැනිය නොහැක.
        සංගහන ඒකක සංඛ්‍යාව අපරිමිතය.(අසීමිත සංඛ්‍යාවක් සහිත නිශ්චිත ඒකක සංඛ්‍යාවකින් යුක්ත නොවන සංගහනයකී.)

උදා:- ලෝකයේ ජීවත් වන මිරිදිය මත්සයින්


සංගහනයේ පවතින ඒකක වල ස්වභාවය අනුව,

1. සමජාතිය සංගහනය
2. විෂමජාතීය සංගහනය

සමජාතීය සංගහනය

    සංගහන ඒකක අතර විචලනයක් නොපවතින හෝ විචලනයන් අවමව පවතින සංගහනයකී.

උදා:- ශ්‍රී ලංකාවේ යුධ හමුදා පුහුණුව ලැබූ භටයන් පුහුණුව අනුව


විෂමජාතීය සංගහනය

සංගහන ඒකක අතර  විචලනයන් පවතින හෝ විචලනයන් වැඩි ලෙස පවතින සංගහනයකී

උදා:- ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් දැනුම අනුව

නියැදි රාමුව


කිසියම් අධ්‍යනයක් සදහා අදාළ වන සියලුම ඒකක ඇතුලත් කර සකස් කරන ලද ලැයිස්තුවක් නියැදි රාමුව ලෙස හඳුන්වයි.

උදා:- ලංකාවේ අවු.18 ට වැඩි පුද්ගලයන් සම්බන්ධ අධ්‍යනයකදී එම වසරේ ඡන්ද හිමි නාම ලේඛනයේ වයස අවු. 18 ට වැඩි සියලු පුද්ගලයින් අන්තර්ගත බැවින් නියැදි රාමුව ලෙස භාවිතා කළ හැක.

නියැදි රාමුව තුළ පවතින ගුණාංග

1. පූර්ණ බව
2. නියැදුම් ඒකක පුනරාවර්තව නොයෙදීම
3. නිවැරදි බව
4. යාවත්කාලීන බව

නියැදීය

සංගහනයකින් මුළු සංගහනයම නියෝජනය වන පරිදි තෝරා ගන්නා සුළු කොටසක් නියැඳිය ලෙස හැඳින්වේ. නියැදියක් තෝරා ගැනීමෙන් පසු එම නියැඳිය අධ්‍යනය කර මුළු සංගහනයම සම්බන්ධව අනුමිතීන් සිදු කරන බැවින් නීරූප්‍ය නියැඳියක් තෝරා ගැනීම සිදු කළ යුතුය.

උදා:- ලංකාවේ වයස අවු. 18ට වැඩි පුද්ගලයින් සම්බන්ධ අධ්‍යනයකදී එම වසරේදී ඡන්ද හිමි නාම ලේඛනය ඇසුරෙන් වයස අවු. 18 වැඩි පුද්ගලයින් 1000ක් තෝරා ගැනීම

නියැදි ප්‍රභේද

1. අනභිනත නියැදිය
2. අභිනත නියැදිය

අනභිනත නියැදිය

සංගහනයකින් නියැඳියක් තෝරා ගැනීමේදී සංගහන ඒකක වල ස්වභාවය මත පදනම්ව සංගහනයේ සෑම විෂමතාවක්ම හොඳින් නියෝජනය වන පරිදි සංගහන තරමට සමානුපාතික වන ආකාරයට නිවැරදි ක්‍රමෝපායන්ගෙන් සසම්භාවීව තෝරාගන්නා ප්‍රමාණවත් නියැඳියක් අනභිනත නියැඳියක් ලෙස හැඳින්වේ.

අභිනත නියැඳිය

සංගහනයකින් නියැඳියක් තෝරා ගැනීමේදී සංගහන ඒකක වල ස්වභාවය මත පදනම්ව  නොවූ , සංගහන විඔෂමතාවන් හොදින් නියෝජනය නොවන, සංගහන තරමට අසමානුපාතික වන ආකාරයට , නිස්සසම්භාවීව තෝරාගන්නා ප්‍රමාණවත් නොවන නියැදියක් අභිනත නියැඳියක් ලෙස්ස හැඳින්වේ.එය ප්‍රධාන කොටස් දෙකකී.

  • තේරිම් අභිනතිය
  • මැනීම් අභිනතිය
අභිනත නියැදියක් ලැබීමට බලපාන හේතු සාධක

  • නීයැදුම් ඒකක සසම්භාවි ලෙස තෝරා නොගැනීම
  • පූර්ණ හා නිවැරදි නියැදි රාමුවක් නොතිබීම
  • නියැදුමේකකවල විෂමතාවන් පදනම්ව නියැදිය නොගැනීම
  • පුද්ගල අභිමතය මත නියැදිය තෝරා ගනීම
  • සංගහන තරමට ප්‍රමාණවත් වන නියැදි තරමක් තෝරා නොගැනීම 
නියැදියක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු

1. සංගහනයේ ඇතුළත් නියැදුම් ඒකක වල ස්වරූපය මත පදනම්ව සුදුසු නීයැදුම් ක්‍රමයක් මගින් සසම්භාවීව නියැදිය තෝරා ගැනීම

2. සංගහනයේ නියැඳුම් ඒකක වල සියලුල්ම ලක්ෂණ ඇතුළත් වන පරිදි නියැදිය තෝරා ගැනීම

3. සංගහනයේ තරමට අනුව ප්‍රමාණවත් නියැදියක් තෝරා ගැනීම

සංගණනය

සංගහනයට අයත් වන  සියලුම ඒකක වෙන වෙනම අධ්‍යනය කිරීමෙන් තොරතුරු ලබාගැනීමේ ක්‍රියාවලිය සංගණනය වේ.

උදා:- ලංකාවේ ජනලේඛණ සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් වසර 10 ට වරක් පවත්වනු ලබන ජන හා නිවාස සංගණනය

සංගණනයේ වාසි

  • විශ්වාසනීයව දත්ත ලැබීම
  • ප්‍රමාණවත් දත්ත ප්‍රමානයක් ලැබීම
  • නියැදුම් දෝෂ ඇති නොවීම
  • නිරවද්‍යතාවයෙන් ඉඔහළ ප්‍රතිඵල හා නිගමන වලට එළඹීය හැක්කිවීම
  • අධ්‍යනය සදහා අදාළ සෙසු ක්ෂේත්‍ර ඔස්සේද පුළුල් අධ්‍යනයක් කළ හකිවීම. 
 සංගණනයේ අවාසි

  • අධික කාලයක් වැයවීම
  • සංගහනය අපරිමිත වනවිට හෝ ගැනිය නොහැකි තරම් විශාල වනවිට සංගණනය සිදුකළ නොහැක.
  • විශාල පිරිවැයක් දැරීමට සිදුවේ
  • පුහුණු අන්වේක්ෂකයන් ප්‍රමාණවත් තරම් යොදා ගැනීමට අපහසු වීම
  • නිගමන වලට එළඹීඉමට වැඩි කාලයක් ගතවීම
  • දත්ත එක්‍රැස් කිරීමේදී නියැදුම් ඒකක විනාශ වන අවස්ථාවන්හීදී සංගණනය නුසුදුසු වීම
නියැදි සමීක්ෂණය

සංගහනයකින් සංගහනයම නියෝජනය වන පරිදි ලබාගත් නියැදියට ඇතුළත් සියලුම ඒකක අධ්‍යනය කිරීම නියැඳි සමීක්ෂණය නම් වේ.

උදා:- ආයතනයක් විසින් නිෂ්පාදනය කරනු ලබන විදුලි බුබුළු වල ආයු කාලය පරීක්ෂා කිරීමේදී නිෂ්පාදනය කරනු ලබන බුබුළු වලින් කිහිපයක් පමණක් ගෙන ආයු කාලය පරීක්ෂා කිරීම

සංගණනයක් කළ නොහැකි අවස්තා

  • සංගහනය අපරිමිත වනවිට
  • කාලය, පිරිවැය, ශ්‍ර්හමය විශාල ලෙස වැයවන අවස්ථා
  • පුහුණු සමීක්ෂණ නිලධාරීන් සොයා ගැනීමට අපහසු අවස්ථාවල
  • සංගහනය පරිමිත වුවද ඒකක ගණන් කිරීමට අපහසු විශාල ප්‍රමාණයක් පවතින අවස්ථා වල
            උදා:- කර්මාන්තශාලාවක නිපදවන යකඩ ඇණ

නියැදි සමීක්ෂණයක වාසි

  • නිගමන වලට  එළඹීමට ගතවන කාලය සාපේක්ෂව අඩුය
  • වැයවන පිරිවැය සාපේක්ශව පහළය
  • අපරිමිත සංගහන පිළිබඳ වුවද නිගමන වලට එළඹීය හැක
  • නිගමනවල නිරවද්‍යතාව සාපේක්ෂව සංගණනයකට වඩා ඉහළ මට්ටමක පවත්වා ගත හැක.
  • දත්ත එක්‍රැස් කිරීමේදී නියැඳුම් ඒකකයන් විනාශ වීමේ දෝෂය මගහරවා ගත හැක.
  • ක්ෂේත්‍ර කටයුතු පරිපාලනය හා අධිකාරිය පහසුය

නියැඳි සමීක්ෂණයේ අවාසි

  • නියැඳුම් දෝෂ ඇතිවීමට ඇඩි අවකාශයක් ඇත
  • අධ්‍යනයේ ප්‍රතිඵල කිසියම් අභිනතතාවයකින් යුක්තව ලැබිය හැකිවීම
නියැදි සමීක්ෂණයකදී අභිනතතාවන් ඇතිවීමට හේතු

  • නියැදි රාමුව නිවැරදිව සකස් කර නොතිබීම
  • නියැදි තරම ප්‍රමාණවත් නොවීම
  • පුද්ගල අභිනතිය මත පදනම්ව නීයැදුම් ඒකක තේරීම
  • පුහුණු සමීක්ෂකයින්ගේ නොසැලකිලිමත්භාවය
  • ආදේශක නියැඳුමේකක භාවිතා කිරීම
  • ප්‍රතිචාරකයින්ගේ නිසිපරිදි ප්‍රතිචාර නොලැබීම
නීයැඳි තරම

සංගහනයකින් නියැදියක් තෝරා ගැනීමේදී එම නියැඳියේ තරම තීරණය ප්‍රථමයෙන්ම කරයි. 
නියැදි තරම තීරණයේදී  බලනු ලබන සාධක නම්,

1. සංගහනයේ විශාලත්වය
2. සංගහනයේ ඒකක වල සමජාතීය හෝ විෂමජාතීය බව
3. අධ්‍යනයේ සහ නියැඳුම් ඒකක වල ස්වභාවය
4. කාලය, පිරිවැය සහ ශ්‍රමය













  

Comments

Popular posts from this blog

උපදේශනය තුළින් අපේක්ෂා කරන ඉලක්ක

උපදේශන කුසලතා