දක්ෂ මනෝවිද්‍යා උපදේශකවරයකු වීමට නම් උපදේශන කුසලතා අත්‍යවශ්‍ය වේ.උපදේශකවරයා උපදේශන කුසලතා වලින් හෙබි අයෙකු නමොහුට මනා ලෙස ගැටලු විශ්ලේෂණය කිරීමේ හැකියාවක් පවති.එසේම ඉන්පසුව එම ගැටලුව සාර්ථක ලෙස නිරාවරණය කරගැනීමට ද හැකියාව පවතී .උපදේශනයේදී උපදේශකවරයා තමා පිලිබඳවත්,උපඋපදේශලාභීන් පිළිබඳවත් මනා අවබෝධයෙන් සිටීම වැදගත් වේ.උපදේශකවරයා අගතියෙන් හා පක්ෂග්‍රාහීත්වයෙන් තොරවිය යුතුය .අගතිය යනු ජාති,ආගම්,කුල මල,දුප්පත් පොහොසත් භේදයයි.මේ සම්බන්ධයෙන් වෙනස්කම් උපදේශකවරයා නොදැක්විය යුතුය.එනම්, ගණිකාවන් ,මත්ද්‍රව්‍ය ඇබ්බැහි අයෙක්,කුඩුකාරයෙක් යනාදි කවරෙකුට වුවද සමානව උපදේශනය ලබාදිය යුතුය.ඔවුනට ලේබල් නොගැසිය යුතුය.
උපදේශනය හරහා විවිධ ගැටලු යොමුවේ.ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ,ව්‍යභිචාර,ළමා අපයෝජන ,ළමා හිංසනය,ලිංගික අක්‍රමතා ,ළමා විශාදය ,කාංසාව,පෞරුෂ අක්‍රමතා ,ලිංගික සම්ප්‍රේෂණ රෝග,යනාදි විවිධ වූ ගැටකු උපදේශකවරයකු වෙත යොමුවේ.මේ සම්බන්ධයෙන් උපදේශකවරයාට උපදේශන කුසලතා පැවතීම අත්‍යවශ්‍ය වේ.
උපදේශනලභියෙකු උපදේශකවරයා ගෙන් අපේක්ෂා කරන දේ
- උපදේශලාභියා කාන්තාවක් නම් ඇගේ කතාවට බාධා නොකර එය අවසන් වනතුරු හොදින් ඇහුම්කන් දීම
- ඇය අපයෝජනයට ලක්ව ඇත්නම් අපයෝජනය සහ අපයෝජකයා පිළිබදව පැවසීමට ඇයට උදවු කිරීම
- අනාගතයේ එවැනි තත්වකට මුහුණ දීමට ඇති ඉඩකඩ හඳුන්වා දීම
- තමාගේ ප්‍රශ්න විසදා ගැනීම සදහා තමා සහුව අයිතිවාසිකම් හා සමොඅත් පවතින බවට ඒත්තු ගැන්වීම
- ඇයගේ අභ්‍යන්තරික ශක්තිය ධෛර්යය හදුනා ගැනීමට උදව් කිරීම
- ප්ප්‍රචණ්ඩත්වයෙන් තොරව තම ඉලක්ක වෙත යාමට සහය වීම
- ඇයගේ ආත්ම අභිමානය ගොඩනගා ගැන්ම සම්බන්ධයෙන් ඇයව සවිබල ගැන්වීම
උපදේශන ක්‍රියාවලියක් තුල මනෝ උපදේශකවරුන් භාවිතයට ගතයුතු ප්ප්‍රායෝගික ක්‍රමවේදයන් පිළිබඳ හදුන්වා ඇත.එනම්, " SOLER" ක්‍රමය වේ.
S - මුහුණ සෘජුව තබා වාඩිවීම
O-විවෘත ඉරියව්ක් භාවිතය
L-එම පුද්ගලයා දෙසට මදක් නැමෙන්න
E-අක්ෂි සබදතා පවත්වා ගන්න
R-ලිහිල් කිරීම
මීට අමතරව උපදේශකවරයකුට තිබිය යුතු කුසලතා
1. උපදේශන ලාභියාව අවබෝධ කරගැනීම
උපදේශන ලාභියාව හොදින් සුපරික්ෂාකාරීව ඇහුම්කන් දෙමින් ,නිරීක්ෂණය කරමින්,උපදේශන ලාභියාගේ හැගීම් විනිවිද දකිමින්, වාචිකව ප්‍රතිචාර දෙමින්,ඔහුව හොදින් අවබෝධ කරගත යුතුය .එසේම උපදේශන ලාභියාව තමා අවබෝධ කරගත් බවට ඒත්තු ගැන්විය යුතුය.
2. පිළිගැනීම
උපදේශනය ට පැමිනෙන උපදේශන ලාභියාගේ හැගීම්,අදහස් කෙසෙව් වුවුද ඒවා උපදේශකවරයා පිලිගත යුතුය .එම අදහස් ආදිය වෙනස් වුවද ,පිලිගැනිමට නොහැකි වුවද,උපදේශකවරයාට ඒවා පිලිගැනීමට සිදුවෙ.උපදේශන ලාභියගේ අතීත ගැටලුව කුමක් වුවද ඒ සදහා එය විසදා ගැනීමට ඔහු තුල කුසලතා පවතින බවට ඒත්තු ගැන්වීම කල යුතුය.තවද උපදේශන ලාභියාගේ හැගීම් හා අදහස් වලට ගරුකරනුයේ නම් එම ගැටලුව විසදා ගැනීමට උපදේශන ලාභියාට හැකිබව ඔහු විසින් සිතීමට පන් ගනි.
3. සවිබල ගැන්වීම
උපදේශන ලාභියාගේ ගැටලුවට විසදුමක් නිර්මානය කර ගැනීමට උපදේශකවරයා ක්‍රියාශීලිව මැදිහත් වීමයි.මෙහිදී උපදේශන ලාභියාගේ කැමැත්ත අනුව විසදුමකට යා යුතුය .එවිට ඔහු එය ක්‍රියාත්මක කිරීමට පෙලබේ.ඒ සදහා උපදේශකවරයා උදව් කිරීම සිදුකරයි .කෙසේ වුවද විසදුම ක්‍රියාත්මක කලයුත්තේ උපදේශන ලාභියාම වේ.
උපදේශන ක්‍රියාවලියක පවතින හොද ඇහුම්කන් දීමේ කුසලතා
යම්කිසි පීඩවකින් පෙලෙන්නෙකුගේ වේදනාව තමාටද දැනෙන බවට ඔහුට ඒත්තු ගැන්වීමයි.
උදා:- ප්‍රේම සබදතාවයක් බිද වැටුණු කෙනෙකුගේ වේදනාව ඔහු පවසන විට එම යහලුවට දැනෙන වේදනාව තමාට්ද දැනීම.එලෙස සලකා ඒ හැගීම විදීම
උපදේශනයට ගනිකාවත් පැමිණියොත් ඇයව පිලිකුල් නොකර ඇයගේ හැගීමෙන් එදෙස බැලීම
සමලිංගිකයෙකු
කුඩුකාරයෙකු
- ඉවසිලිවන්ත වීම හා නිශ්චලව සිටීම.
සැසියකදී උපදේශන ලාභියා පිලිබඳ චිථ ඒකාග්‍රතාවයෙන් බැලිය යුතුය.
උපදේශකවරයා අවංක දැයි උපදේශන ලාභියාට හදුනාගත හැක.ඔහු අවංක නම් තම ගැටලුව උපදේශන ලාභියා නොසගවා පවසයි.ඒ අතරතිර උපදේශකවරයාට ව්‍යාකූලත්වයක් ඇතිවුවහොත් එවිට ඒ ගැන ඔහුගෙන් අසා දැනගත හැක.එවිට තමා පිලිබඳ අවධානයෙන් සිටින බවට උපදේශන ලාභියාට හැගීයයි.
උපදේශකවරයා විසින් උපදේශනලභියාට පීඩාවක් නොවන පරිදි ප්‍රශ්න ඇසිය යුතුය.උපදේශකවරයාගේ මෙම විවෘත අවසන් ප්‍රශ්නයට උපදේශනලභියා ලබාදෙනුයේ කෙටි පිලිතුරුය.
උදා:- ඔබ කොහේද?කුමක්ද?ඇයි?කොහොමද? මෙවැනි ප්‍රශ්න නොඇසිය යුතුය.
මෙලෙසට ඇසිය යුතුය.
උදා:- අද ඔබට මෙහි පැමිනීමට සිදුවුවූයේ කුමක්ද? ඔබට පවතින හැගීම කුමක්ද?
උපදේශකවරයෙකුට පැවතිය යුතු අත්‍යවශ්‍යම ලක්ෂණයකි.
- හොද කායික භාෂාවක් පවත්වාගෙන යාම
විවෘත ඉරියව්වකින් ,හිස සෘජුව තබා වාඩිවිය යුතුය.එසේම උපදේශන ලාභියා දෙසට මදක් නැමිය යුතුය.එවිට ඔහු තමා පිළිබඳ අවධානයෙන් සිටින බවට සිතයි.ඉන්පසු හොද අක්ෂි සබදතාවක් පවත්වා ගත යුතුය.නමුත් කාන්තාවක් උපදේශන යට පැමිනියහොත් අක්ෂි සබදතා දැක්වීමේදී තර්ජනාත්මක බවක් නොපෙන්විය යුතුය.ඇයගේ දෙස ඇසිපිය නොහෙලා බලා සිටීමක් නොපෙන්විය යුතුය.කායික වශයෙන් සිදු සබදතාවක් නොවිය යුතු අතර මෘදු ලෙස ස්පර්ශයද නොකල යුතුය.
නරක ඇහුම්කන් දීමේ කුසලතා
තවදුරටත් පැහැදිලි කිරීම අඅවශ්‍ය නම් උපදේශන ලාභියාගෙන් ප්‍රශ්න අසා දැනගත යුතුය.උපදේශන ලාභියා නොපැවසු තොරතුරු ගෙන උපකල්පනය කොට විසදුමකට නොයා යුතුය.
- ප්‍රායෝගික නොවන පොරොන්දු නොදිය යුතුය
උපදේශන ලාභියාගේ සෑම ගැටලුවකටම ඉක්මනට විසදේ යනුවෙන් නොපැවසිය යුතුය.මන්දයත් එම ගැටලුව සුව වේවිද, නරක අතට හැරවේවිද නොදන්නා බැවිනි.නමුත් එම ගැටලුව විසදීමට හැකිබව සහතිකවීමට උපදේශකවරයාට හැකියාව ඇත.
ඇහුම්කන් දීම හොද උපදේශන ක්‍රියාවලිය කී.උපදේශකවරයා වැඩිපුර කතා නොකර ඇහුම්කන් දිය යුතුය.
උපදේශන ලාභියා කුමන තරාතිරමක ,කුමන සමාජයක අයෙක් වුවද,ගංජාකාරයෙක්,කුඩුකාරයෙක්,ගණිකාවක් ලෙසට හංවඩු ගසා තිබුනද බැනීම නොකල යුතුය
උපදේශන ලාභියාට ඇහුම්කන් නොදී උපදේශකවරයා වැඩියෙන් කතා කිරීම මින් අදහස් වේ
උදා:- ඔව් මට මතකයි.
A/l කාලයේ මටත් එහෙම සම්බන්ධයක් තිබුනා
යනුවෙන් නොපැවසිය යුතුය.
කරන විට ඔහුගේ කතාව අතරමැද බාධා නොකල යුතුය.ඔහු ගැටලුව පවසන අතරතුර තමාට යමක් පැවසීමට අවශ්‍ය නම් එය පසුව පවසන විට අමතක වේයැයි සිතේ නම්, එම ගැටලුව නැගෙන විට කොලයක ඒ පිලිබඳ සදහන් කල යුතු වේ.ඉන්පසුව උපදේශන ලාභියාගේ කතාව අවසන් වූ පසු එය පැවසීමට හැක.
Comments
Post a Comment