උපදේශන කුසලතා
දක්ෂ මනෝවිද්‍යා උපදේශකවරයකු වීමට නම් උපදේශන කුසලතා අත්‍යවශ්‍ය වේ.උපදේශකවරයා උපදේශන කුසලතා වලින් හෙබි අයෙකු නමොහුට මනා ලෙස ගැටලු විශ්ලේෂණය කිරීමේ හැකියාවක් පවති.එසේම ඉන්පසුව එම ගැටලුව සාර්ථක ලෙස නිරාවරණය කරගැනීමට ද හැකියාව පවතී .උපදේශනයේදී උපදේශකවරයා තමා පිලිබඳවත්,උපඋපදේශලාභීන් පිළිබඳවත් මනා අවබෝධයෙන් සිටීම වැදගත් වේ.උපදේශකවරයා අගතියෙන් හා පක්ෂග්‍රාහීත්වයෙන් තොරවිය යුතුය .අගතිය යනු ජාති,ආගම්,කුල මල,දුප්පත් පොහොසත් භේදයයි.මේ සම්බන්ධයෙන් වෙනස්කම් උපදේශකවරයා නොදැක්විය යුතුය.එනම්, ගණිකාවන් ,මත්ද්‍රව්‍ය ඇබ්බැහි අයෙක්,කුඩුකාරයෙක් යනාදි කවරෙකුට වුවද සමානව උපදේශනය ලබාදිය යුතුය.ඔවුනට ලේබල් නොගැසිය යුතුය. උපදේශනය හරහා විවිධ ගැටලු යොමුවේ.ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ,ව්‍යභිචාර,ළමා අපයෝජන ,ළමා හිංසනය,ලිංගික අක්‍රමතා ,ළමා විශාදය ,කාංසාව,පෞරුෂ අක්‍රමතා ,ලිංගික සම්ප්‍රේෂණ රෝග,යනාදි විවිධ වූ ගැටකු උපදේශකවරයකු වෙත යොමුවේ.මේ සම්බන්ධයෙන් උපදේශකවරයාට උපදේශන කුසලතා පැවතීම අත්‍යවශ්‍ය වේ. උපදේශනලභියෙකු උපදේශකවරයා ගෙන් අපේක්ෂා කරන දේ උපදේශලාභියා කාන්තාවක් නම් ඇගේ කතාවට බාධා නොකර එය අවසන් වනතුරු හොදින් ඇහුම්ක...