අභිප්‍රේරණය හැදින්වීම

අභිප්‍රේරණය සහ පෞරුෂය පිළිබඳ මනෝවිද්‍යාව යටතේ මූලික සංකල්ප 2ක් පිලිබව ගැඹුරින් හදාරනු ලැබේ.එනම්,අභිප්‍රේරණය සහ පෞරුෂය යි.මෙම සංකල්ප දෙකම සාමාන්‍ය  මනෝවිද්‍යාවට අයත් සංකල්පයකි.අභිප්‍රේරණය නම් සංකල්පයට කායික විද්‍යාත්මක පදනමක් පවතී.යම්කිසි පුද්ගලයෙක් අභිප්‍රේරණය වනවිට .හෝමෝමවල ජෛව රසායන සංයුතීන්හි වෙනස්කම් ඇතිවේ.එමගින් පුද්ගලයා තුළ ශක්තියක් නිපදවේ.එමගින් යම් යම් දේවල් කිරීමට පුද්ගලයව පොලඹවයි.

             අභිප්‍රේරණය තුළ චර්‍යාත්මක පසුබිමක්ද පවතී. එනම් අභිප්‍රේරණය වූ කළ ප්‍රදර්ශනය කරනු ලබන චර්‍යාවකි.මිනිසුන් යම් යම් ජයග්‍රහණ ලබනුයේ අභිප්‍රේරණය තුලින් තමන්ගේ චර්‍යාව ශක්තිමත් කලවිටය.එසේම අභිප්‍රේරණය තුල ප්‍රජානනමය පසුබිමක්ද පවතී . එනම් "අප සිතන ආකාරයයි" 

        "මට මෙය කල හැකිය "යනුවෙන් සිතන විට පුද්ගලයා ඒ සදහා අභිප්‍රේරණය  වේ.චර්‍යාව ශක්තිමත් වී පුද්ගලයා ජයග්‍රහණය කරා යොමුවේ.අත පය නැතිවුවද ,එම පුද්ගලයා ගේ චින්තනය ශක්තිමත් නම් චර්‍යාව ශක්තිමත් වේ."මට යමක් කල හැකිය" යනුවෙන් සිතන විට කායික විද්‍යාත්මක පිබිදීමක් එම පුද්ගලයා තුල ඇතිවේ.ජවයක් හට ගනී.එවිට කල නොහැක්කක් නොමැත.

          අභිප්‍රේරණය තුල සමාජමය පදනමක්ද පවාතී.පුද්ගලයෙකු යම්කිසි දෙයක් කිරීමෙන් , ජයග්‍රහණයක් ලැබීමෙන් සමාජ පිලිගැනිමක් අපේක්ෂා කරයි.සමාජ පිලිගැනීමක් ලැබෙනුයේ නම් ඔහු ඒ සදහා පෙලබේ.


     උදා -:  රූපවාහිනි වල පවත්වනු ලබන ඇතැම් ගායනා තරඟ වලදී ඒවාට පුද්ගලයින් පෙළබෙනුයේ මෙම සමාජමය පදනම සහිතවය.

      සරලව අභිප්‍රේරණය යන්නෙන් අදහස් වනුයේ,

" යම්කිසි දෙයක් සදහා පෙළඹවීමයි."

ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝශයට අනුව අභිප්‍රේරණය යන්නට බොහෝ නිර්වචන පවතී.

  " 

පුද්ගලයෙක් යම්කිසි ඉලක්කයක් දෙසට යොමුකරන අභ්‍යන්ට්ත්තතරික ක්‍රියාවලිය අභිප්‍රේරණය යි."

" අභිප්‍රේරණය යනු යම්කිසි පුද්ගලයෙකුගේ චර්‍යාව ශක්තිමත් කොට යම් ඉලක්කයක් දෙසට යොමු කිරීමට ඇති අවශ්‍යතාවය හෝ ආශාවයි." 

මෙම නිර්වචන පිලිබඳ සැලකීමේ දී අභිප්‍රේරණය සදහා බාහිර මෙන්ම අභ්‍යන්තර සාධකද බලපානු ලැබේ.වැදගත් වේ.අභ්‍යන්තරික සාධක ලෙස අව්ශ්‍යතා,වුවමනා, සහ අශාවන් පෙන්වා දිය හැක.

උදා-: තමා කැමති රැකියාවක් කිරීමේදී ලැබෙන වැටුප පෙන්වා දිය හැක.

  • ප්‍රමානවත් වැටුපක් ලැබෙනවිට ඒ සදහා පවතින ආශාව වැඩිවේ.
  • ප්‍රමානවත් වැටුපක් නොලැබෙයි නම් එම රැකියාවට පවතින ආශාව නැතිවේ.එවිට පුද්ගලයා අභිප්‍රේරණය නොවේ.
එසේම අභිප්‍රේරණය සදහ යම් අයෙකුට සවිිඥ්නික හ්ා අවිඥානික සාධකද බලපායි.එම සාධක තුන නම්,
  1. ආශාවේ හෝ අවශ්‍යතාව යේ තීවෘතාවය
         උදා:- ඔබට යම් විශයක් ඉගෙනීමට ආශ්‍යතා හා අශාවක් ඇත.එම අශාවේ හෝ අවශ්‍යතාවයේ තීවෘතාවය අනුව ඔබට එම විශයේ A සාමර්ථයක් ලැබේ

      2.යම්කිසි ඉලක්කයක් වෙත ලගා වූ විට එම පුද්ගලයාට ලැබෙන ප්‍රතිලාභමය වටිනාකම

     උදා:- යම්කිසි තරගයකදුඉ ලැබෙන ත්‍යාගයේ වටිනාකම අනුව එම තරගය සදහා අයදුම්පත් යොමුකරයි.ප්‍රතිලාභයේ වටිනාකම අඩු නම් අයදුම්පත් යොමුවනුයේ අඩුවෙනි.

     3.පුද්ගලයාගේ අභිලාශයන් නැතහොත් අපේක්ෂාවන්

මනෝවිද්‍යාඥයින් පවසා ඇති ආකාරයට මිනිසුන් ප්‍රේරණය  වන ආකාර 2කි.

  • නෛසර්ගික ප්‍රේරණය 
       ස්වභාවයෙන්ම ඇතිවේ.යම් කෙනෙකු යම් දෙයක් කරනුයේ එම ක්‍රියාවම අරමුණු කොට ගෙනය.වෙනත් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් නොවේ.

  • බාහිරස්ථ ප්‍රේරණය 
       පරායක්ත ප්‍රේරණය යි.බාහිර ප්‍රතිඵල අපේක්ෂාවෙන් යම්දෙයකට පෙළඹේ.ත්‍යාග අපේක්ෂා වෙනි. 
 
උදා:- යම් අයෙක් ගීත ගායනා කරනුයේ  එමගින් ඔවුනට ප්‍රසිද්ධියක් ලබාගැනීමට අවශ්‍ය නිසාය.මුදල් ඉපැයීමට හැකි නිසාය.

මේවායින් පෙනෙනුයේද බොහෝදෙනෙකු තුල යම් දෙයක් කිරීමට පෙළබෙනුයේ තමාට වාසියක් වන ප්‍රතුඵලයක් එතුලින් ලැබේ නම් පමනී.එවිට ඒ සදහා ප්‍රේරණය වැඩි වශයෙන් සිදුවේ.

එසේම අභිප්‍රේරණය පෞරුෂය සදහාද , පෞරුෂය අභිප්‍රේරණය සදහාද බලපානු ලැබේ.පුද්ගල විශේෂතාව ,පුද්ගල ස්වභාවය යන අරුත් පෞරුෂය යන්නෙන් ගම්‍ය වේ.සරලව පෞරුෂය යනු,

" මිනිසෙකුගේ චරිතය අනෙක් මිනිසුන්ගේ චරිතය හා සන්සන්දනය කරනවිට වෙනස් වී පෙනෙන විවිධ පැතිකඩ පෞරුෂය වේ."

අභිප්‍රේරණය වීමට පෞරුෂයේ බලපෑමක් පවතී.මේ සදහා අභ්‍යන්තර සාධකද බාහිර පෙනුමද බලපායි.එවිට එම අභ්‍යන්තර ගුණ සහ බාහිර පෙනුම සකසා ගැනීමට අභිප්‍රේරණය අවශ්‍ය වේ.

එසේම අභිප්‍රේරණය වන ආකාරය අනුව පෞරුෂය නිර්මාණය වේ.මෙම වචන දෙකෙහි අන්තර් ක්‍රියාකාරිත්වයක් ඇත.අභිප්‍රේරණය පෞරුෂය සඳහාද පෞරුෂය අභිප්‍රේරණය සදහාද බලපායි.

උද:- 

ඔබට විශාල වේදිකාවක කතාවක් කිරීමට අවස්ථාවක් ලැබේ.එහිදී ඒ සදහා ඔබට පෞරුෂයක් පැවතිය යුතු අතර ඒ සදහා අභිප්‍රේරණය ක්ද පැවතිය යුතුය.ආත්ම විශ්වාසයක් මෙන්ම මනා පෙනුමක්ද පැවතිය යුතුය. එවිට මනා පෞරුෂයකින් යුතුව කතාව කළහැකි අතර ඒ සඳහා පෙළඹවීමක්ද සිදුවේ.
 
මෙම පෙළඹවීම ආකාර 2 කට විය හැක.
  • ආශාව නිසා යා හැක.
  • වෙනත් ප්‍රතිලාභ අපේක්ෂාවෙන්
පුද්ගලයෙකුගේ ප්‍රජානනයට,චර්‍යාවට,අභිප්‍රේරණය ට යනාදි විවිධ අංශ කෙරෙහි පෞරුෂය බලපායි.

උදා-: ප්‍රසිද්ධ සභාවක කතාවක් කිරීමට ඔබට ලැබේ.කතාව කිරීමට පවතින ආශාව නිසාම එය කළ නොහැකි අතර ඒ සඳහා හිද පෞරුෂයක් ද පැවතිය යුතුය.(බහිර්වර්ති සමාජශීලි පෞරුෂයක්)

ලතින් භාෂාවෙහි "persona" යන වචනයෙහි නිරුක්තිය ලෙසට " personality" යන ඉංග්‍රීසි වචනය භාවිතා වී තිබේ.පුරාතන ග්‍රීක ගුරුවරයෙකු විසින් මෙම වචනය ඉදිරිපත් කොට ඇත.ග්‍රීක නාට්‍යන්හීදී ඔවුන්ගේ මුහුණට ඉදිරියෙන් වෙස් මුහුණක් පැලද තිබේ.මේ මුහුනු අතරින් ඔවුන් කතාකල නිසා "පර්සෝනා" යන පදය භාවිතා විය.මෙහි අදහස වනුයේ "තමන් අන්‍යන්ට පෙනෙන ආකාරය යන්නයි." එනම්,පුද්ගල ස්වභාවය හා බාහුර පෙනුම පමනී.පෞරුෂය පිළිබඳ නිර්වචන කීපයක් මෙසේය.

" යම්කිසි පුද්ගලයෙකුට යම්කිසි කාර්‍යක් සිදුකිරීමට ඉඩ ප්‍රස්ථව ලබාදි එම කාර්‍ය සිදුකරන ආකාරය පිළිබදව පුරෝකථනය කිරීමේ හැකියාව පෞරුෂය යි." 

           - Raymond .B. Cattle-

" පෞරුෂය යනු පුද්ගලයකුගේ ගති ලක්ෂණ වල අනන්‍ය රටාවයි." 

          - J.P Guilford -

ලෝකයේ පලමුවරට පෞරුෂය සම්බන්ධයෙන් අධ්‍යනය කළ G.W Allport තමන්ගේ "පෞරුෂය පිළිබඳ මනෝවිද්‍යාත්මක  අර්ථනිරූපනයක්" නැමති ග්‍රන්ථයේ නිර්වචන කීපයක්ම ඉදිරිපත් කර ඇත.පෞරුෂය පිලිබඳ හොදම සාරංශය මෙම කෘතියේ ඇත.

" ඒ ඒ පුද්ගලයාට සුවිශේෂ වූ පරිසරයට අනුව , පුද්ගලයෙකුගේ චර්‍යාව හා චින්තනය තීරණය කරන ඔහුගේ මනෝභෞතික පද්ධතීන්ගේ ගතික සංවිධනය පෞරුෂය නම් වේ." 

ඒ ඒ පුද්ගලයට සුවිශේෂී වූ යනු සෑම පුද්ගලයෙකුටම සුවිශේෂී ලක්ෂණ තිබිය හැකි බවයි.චර්‍යාව හා චින්තනය තීරණය කිරීම යනු අභ්‍යන්තර ලක්ෂණ අනුව චර්‍යාව හැඩගැසේ යන්නයි.මනෝභෞතික පද්ධති යනු සිත හා කයයි.ඒවා කිසියක් ආකාරයකට ක්‍රමවත්ව සකස් වී ඇති බවයි.ගතික සංවිධානය යනු නිරන්තර පරිණාමය වීම හෙවත් වෙනස්වීමයි.

හොද පෞරුෂයක් ඇත්තේ කටහඩ,උස ,මහත සහ බාහිර පෙනුම මත බව සාම්ප්‍රදායික වශයෙන් පිළිගැනුනද මනෝවිද්‍යාත්මක අර්ථයෙන් එය බැහැර වේ.මනෝවිද්‍යාත්මක අර්ථකථනය අනුව යම් කටයුත්තකදී අපගේ " සමස්ත සංවිධානාත්මක රටාව" පෞරුෂය ලෙස හැදින්විය හැක.

අපගේ මෙම අභ්‍යන්තර සාධක අභිප්‍රේරණත් සමග ක්‍රියාත්මක වේ.එනම්, 

බාහිර ක්‍රියාවන් ඉස්මතු වනුයේ අභ්‍යන්තර සාධක වල එකතුවෙනි.එතැන්හි අපගේ සිතුවිලි,හැඟීම්, අශාවන්,චිත්තවේග ඉස්මතු වී චර්‍යාවට බලපාන විට යම්කිසි පෙලබුමක් ,අභ්‍යන්තරික වශයෙන් ඇතිවේ.එම ආශාව, පෙළබුම මත අභිප්‍රේරණය ඉස්මතු වේ.අභිප්‍රේරණය හා පෞරුෂය වෙන වෙනම ගත්තද ඒවා අතර අන්තර්ක්‍රියාකාරිත්වයක් පවතී.

  • පෞරුෂය  ->අභිප්‍රේරණය 
  • අභිප්‍රේරණය  ->පෞරුෂය 

                             බලපානු ලැබේ.

 








Comments

Popular posts from this blog

උපදේශනය තුළින් අපේක්ෂා කරන ඉලක්ක

උපදේශන කුසලතා

සංගහනය සහ නියැඳිය