ෆ්‍රොයිඩ්ගේ මනස පිළිබඳ සංකල්පය
ෆ්‍රොයිඩ්ගේ මනස පිළිබද සංකල්පය පෞරුෂයට බලපාන ආකාරය.....
ෆ්‍රොයිඩ්ගේ ඉගැන්වීම් අනුව මිනිස් මනස ප්‍රධාන අංශ තුනකින් සමන්විතය.එනම්,
- විඥානය
- උපවිඥානය
- අව්ඥානය
ආදී වශයෙනි.මනසෙහි මෙම කොටස් තුන පිහිටා ඇති ස්වභාවය විස්තර කිරීම සදහා ෆ්‍රොයිඩ් විසින් උපමාවක් දක්වා ඇත.එනම්
"සාගරයේ පාවෙන අයිස් කන්දකී"
අයිස් කන්දේ පිටතට පෙනෙන හතරෙන් එකක් වැනි සුළු කොටස මොහු හඳුන්වා ඇත්තේ "විඥානය" නමිනි.විඥානයට සම්බන්ධ ක්‍රියාවන් ලෙසට,
- චින්තනය
- තර්කනය
- කථනය
- ප්‍රජානනය
වැනි ස්වෙච්ඡාවෙන්ම සිදුකරනු ලබන ක්‍රියාවන් අදාල වේ.
එසේම මුහුදු මට්ටමට පහතින් පිහිටා ඇති,එනම් ගැඹුරු මුහුදේ පවතින හතරෙන් තුනක් වැනි කොටස ෆ්‍රොයිඩ් හඳුන්වනුයේ "අවිඥානය" ලෙසිනි.අවිඥානය අපගේ අවබෝධයෙන් දුරස්ව පිහිටා ඇත.එසේම අවිඥානය මනසේ වැදගත්ම අංශය ලෙසට ෆ්‍රොයිඩ් සැලකුවේය.අවිඥානය යනු මනසේ ප්‍රබලම අංශය වේ.
අවිඥානය මනසේ වැදගත්ම කොටස වීමට බලපෑ සාධක සාධක නම්,
- අවිඥානය මනසෙහි විශාලම කොටස වේ.
- අවිඥානය මනසේ ප්‍රධානම කොටස වේ.
- පුද්ගලයාට සහජයෙන්ම උරුම වේ.
පුද්ගලයා උපතින්ම ගෙනෙනුයේ අව්ඥානයයි.අවිඥානික ගුලියක් ලෙසට පුද්ගලයා උපත ලබයි.පසුවිග්‍රහයට අනුව ළමයෙකු උපදිනුයේ ID ගුලියක් ලෙසයි.
උදා:- කුඩා ළමයෙකු උපදිනවිට ඔහු තුළ අවිඥානය පමණක් ඇත.මෙම ළමයා තමන්ට සිතුණු පමණින් තම ශරීර කෘත්‍යයන් ඉටු කරයි.
මෙලෙස වනුයේ ළමයා තුළ එකල අවිඥානය පමණක් ඇති බැවිනි.තම ශරීර කෘත්‍යයන් එතැන්හිම සිදුකරන්නේද එබැවිනි.
තම පෞරුෂය ගොඩනැගීමට මෙම අවිඥානය බෙහෙවින් බලපානු ඇත.
එසේම, ජීව චර්‍යාවන් සදහා අවශ්‍ය ශක්තිය ගැබ්ව පවතිනුයේ අවිඥානයේය.මිනිසාගේ පෞරුෂය සම්බන්ධයෙන් විශාල බලපෑමක් අවිඥානය සිදුකරන බව ෆ්‍රොයිඩ් අවධාරණය කිරීය.
එසේම මනසේ පවතින අනෙක් අංශය නම් උප විඥානය හෙවත් පෙර විඥානයයි.මෙම උපවිඥානය පවතිනුයේ විඥානය හා අවිඥානය අතර බව ෆ්‍රොයිඩ් පෙන්වා දෙයි.අයිස් කන්දක නොගැඹුරු මුහුදෙහි පවතින කොටස උපවිඥානයට සමාන කළ හැක.
අවිඥානයෙහි ගැබ්ව පවතින අත්දැකීම් සහ මතකයන් තරමක උත්සාහයකින් පසුව විඥානයට නගා ගත හැක.මෙම හැකියාව උපවිඥානය සතුවන බව ෆ්‍රොයිඩ් පවසා ඇත.
- උදා:- දවසකට පෙර තමා විසින් කරන ලද දෑ මතකයට නගා ගැනීමේ හැකියාව
- තමා ආහාරයට ගත් දෑ මටකයට නගා ගැනීම
- තමා විසින් ආසන්න දිනවලදී කරන ලද දෑ මතකයට නගා ගැනීම
ෆ්‍රොයිඩ්ගේ මනසේ පෙර විග්‍රහය අපට මෙසේ දැක්වීමට හැක.
ෆ්‍රොයිඩ්ගේ මෙම මනසේ ව්‍යුහය සඳහා පසුව සංශෝධන ඉදිරිපත් කළේය.නමුත් එහිදී ඔහු පෙර විග්‍රහය අවලංගු නොකර එය වඩාත් ක්‍රමවත්ව ඉදිරිපත් කිරීය.එය මෙසේ දැක්විය හැක.
මනස පිළිබඳ පසු විග්‍රහය
පෙර විග්‍රහයම ඇසුරුකොටගෙන එහි වර්ධනීය හා සංකීර්ණ අවස්ථාවක් ලෙස පසු විග්‍රහය ඉදිරිපත් වේ.
ෆ්‍රොයිඩ්ගේ මෙම පසු විග්‍රහයට අනුව ඔහු නැවත මනස කොටස් තුනකට බෙදා දක්වයි.එනම්,
- තද් භාවය -ID
- අහංභාව්‍ය -EGO
- උපරි අහංභාව්‍ය -SUPER EGO
- තද් භාවය-Id
පෞරුෂයේ මෙම අංශය සම්පූර්ණයෙන් අවිඥානිකය.උපතේ සිට ඉදිරිපත්වන පෞරුෂයේ එකම අංශය වන්නේ තද්භාවයයි.ආශයික සහ ප්‍රාථමික චර්‍යාවන් මීට අදාළ වේ.
මනසේ විශාල කොටසක් අයත් වනුයේ මෙම තද්භාවයටයි.නව විග්‍රහයට අයත් මෙම ඉඩ් අහම්භාව්‍ය පෙර විග්‍රහයේ අවිඥානයට සමානය.ඊගෝ හා සුපර් ඊගෝ පුද්ගලයා තුළ උපතින් පසුව වර්ධනය වෙන අතර ඉඩ් අහම්භාව්‍ය පුද්ගලයාට උපතින්ම උරුම වේ.
මිනිස් මනසේ ශක්ති ආකරය යනුවෙන්ද ක්‍රියාකරනුයේ මෙම ඉඩ් අහම්භාව්‍යයි.මානසික ශක්තිය නිපදවන මෙහි පවතින බලවේගය "ආශ " යනුවෙන් හඳුන්වයි .
මෙම ආශයන් සහජයෙන්ම පුද්ගලයා තුළ පවතින ජීවවිද්‍යාත්මක පදනමකින් යුක්ත තත්වයකී.ෆ්‍රොයිඩ්ට අනුව පුද්ගලයකුගේ පෞරුෂය සදහා බලපාන ප්‍රධාන ආශයන් දෙවර්ගයක් මෙහි පවතී.එනම්,
- ජීවන ආශය-Life Instincts
- මරණ ආශය-Death Instincts
- ජීවන ආශය(Eross)
ජීවන ආශය සමන්විත වනුයේ "ස්වයං ආරක්ෂණ ප්‍රේරණයන් හා ලිංගික ප්‍රේරණයන්ගෙනී.
පිපාසය,කුසගින්න,ජලය,වාතය,උණුහුම,වේදනාවන් මගහැරීම, යනාදිය ස්වයං ආරක්ෂණ ප්‍රේරණයන්ට අයත් වේ.මේවා පුද්ගලයාගේ අත්‍යවශ්‍ය සාධක වේ.
කෙසේ නමුඳු ෆ්‍රොයිඩ් වැඩි අවධානය යොමුකර ඇත්තේ "ලිංගික ප්‍රේරණය" කෙරෙහිය.එයට හේතුව ලිංගික ප්‍රේරණය පුද්ගලයාගේ පෞරුෂය හා චර්‍යාව සම්බන්ධයෙන් වැඩි බලපෑමක් සිදුකරන බැවිනි.ඔහු මෙහිදී "ලිංගික" නැමැති පදය භාවිතා කරනුයේ පටු අර්ථයකින් නොව, සෑම ආකාරයකම ඉන්ද්‍රිය පිනවීම යන පුළුල් අර්ථයෙනි. ජීවන ආශය මගින් නිපදවන ශක්තිය "ලුබ්ධිය"ලෙසින් හඳුන්වයි .ආදරය,සහයෝගය ,හිතකාමී ක්‍රියාවන් පොදුවේ ජීවන ආශය හා සම්බන්ධ වේ.
- මරණ ආශය(Thanatos)
මරණ ආශයද ජීවන ආශය මෙනම සමාන වැදගත්කමක් උසුලන බව ෆ්‍රොයිඩ් පවසයි.මරණ ආශය සමන්විත වනුයේ තමා පිළිබඳ මෙන්ම අනුන් පිළිබඳ විනාශකාරි ප්‍රේරණයන්ගෙනී.එනම්,
ආක්‍රමණශීලිත්වය
ප්‍රචණ්ඩත්වය
සියදිවි නසාගැනීම
පරපීඩක කාමුකත්වය
කෝපය
යනාදී ප්‍රේරණයන්ගෙනී.
උදා:- මිනිසුන් යුද්ධය වැනි ව්‍යසනකාරී අවස්ථාවන්ට මුහුණ දීමෙන් පසුව එම අත්දැකීම් නැවත මනසින් දකී.ඒ සමඟ මිනිසුන්ට අව්ඥානිකව මිය යෑමේ ආශාවක් ඇතිවේ.
නමුත් මෙම ආශාවන්ට විශාල වශයෙන් පොලබවනුයේ ජීවන ආශය මගිනි.ෆ්‍රොයිඩ්ගේ මතයට අනුව ස්වයං විනාශකාරි චර්‍යාව මරණ ආශය උත්පාදනය කෙරෙන ශක්තියෙහි ප්‍රකාශනයකි.
මෙම විනාශකාරි හැඟීම් අන් අය වෙත ඉදිරිපත්වීමේදී ආක්‍රමණශීලීත්වය සහ ප්‍රචණ්ඩත්වය දැකිය හැක.මෙලෙසට ෆ්‍රොයිඩ් පවසා ඇත.
තමන් තුළ පවතින ආශයන් තෘප්ත කිරීම ඉඩ් අහංභාව්‍යයේ පරම අධිෂ්ඨාන වේ.ඉඩ් වනාහි මනසේ ආත්මාර්ථකාමී පක්ෂය ලෙසින්ද හඳුන්වනු ලැබේ.ඉඩ් ගේ අරමුණේ සහ ක්‍රියාකාරිත්වයෙහි හොදක් හෝ නරකක් ඇත්තේ නැත.
මෙම ආශයන්ට අමතරව ඉඩ් අහම්භාව්‍ය තුළ පුද්ගලයා විසින් අවරෝධනය කරන ලද බොහෝ කාංසාජනක අත්දැකීම් ද ඇත.
එසේම ඉඩ් අහංභාව්‍ය තුළ තැන්පත්ව ඇති අවිඥානගත ආශ සහ කාංසාජනක අත්දැකීම් නැවත විඥානගත වන අවස්ථා කිහිපයක් නම්,
- සිහින
- මෝහනය
- නියුරෝෂීය ආබාධ
- නිදහස් සංඝටනය
ආදීය ෆ්‍රොයිඩ් විසින් දක්වා ඇත.
2. අහංභාව්‍ය-Ego
අහංභාව්‍ය යථාර්ත මූලධර්මයන් හා සම්බන්ධ වේ.ඊගෝ නිරන්තරයෙන් උත්සාහ කරනුයේ බාහිර පරිසරයේ කොන්දේසියන්ට එකඟව ඉඩ් අහංභාව්‍යයේ අවශ්‍යතා තෘප්ත කරගැනීමට මග සකස් කිරීමයි.
උදා:- මළ මූත්‍රා පිටකිරීට හදිසියේ පුද්ගලයෙකුට අව්ශ්‍යතාවයක් දැනුණහොත් ඔහුට එය සිතුසේ කළ නොහැක.මෙහිදී එය සිදුකළ යුතුආකාරය ඊගෝ අහම්භාව්‍ය තීරණය කරයි.
ඉඩ් අහම්භාව්‍ය මත ඊගෝ අහම්භාව්‍ය පාලනය පැහැදිලි කිරීමට ෆ්‍රොයිඩ් යොදාගත් උපමාව වූයේ,
"අසෙකු මත නැගගත් අසෙරුවෙකි"
අසරුවා අශ්වයාගේ ශක්තිය පිළිබඳ සැලකිලිමත් වේ.අසරුවා මෙය කරන්නට උත්සාහ කරනුයේ තමාගේම ශක්තියෙනි.
සාර්ථක පෞරුෂයක් බිහිවීමට නම්, අහංභාව්‍ය ශක්තිමත් වියයුතු බව ෆ්‍රොයිඩ්ගේ අදහසයි.
3.උපරි අහංභාව්‍ය-Super Ego
ඊගෝ අහංභාව්‍යයේ වර්ධනයට සමාන්තරව මනසෙහි ඊගෝ අහංභාව්‍ය නම් අංශය වර්ධනය වේ.පෞරුෂ සංවර්ධනය සඳහා වැදගත්වන අවසන් අංශය වනුයේ මෙම උපරි අහම්භාව්‍ය වේ.සුපර් ඊගෝ වර්ධනය සඳහා,
- සංස්කෘතිය
- සාරධර්ම
- ආගම
- දෙමාපිය උපදෙස්
යනාදිය අත්‍යවශ්‍ය වන්නේය.
ෆ්‍රොයිඩ්ට්ට අනුව උපරි අහංභාව්‍ය වයස අවු.5දී
පමණ ඉස්මතුවීමට පටන් ගනී.උපරි අහම්භාව්‍ය යනු මනසේ සදාචාරාත්මක අංශය ලෙසටද හැඳින්විය හැක.එබැවින් උපරි අහංභාව්‍ය හොඳ හා නරක විනිශ්චයෙහි නියෝජිතයා ලෙස සඳහන් කළ හැක.මෙහිද කොටස් දෙකකී.එනම්,
1. ඊගෝ පරමත්වය - සමාජය විසින් යහපත් යැයි සලකන ලද ක්‍රියාවන් කිරීමෙන් පසුව පුද්ගලයාට දැනෙන සතුටයි.මෙම චර්‍යාවන් දෙමාපියන් හා වෙනත් අධිකාරින් විසින් අනුම කරයි.
2. හෘද සාක්ෂිය - කිසියම් සමාජවිරෝධි හා සදාචාර විරෝදි ක්‍රියාවන්ගෙන් පසුව පුද්ගලයාට දැනෙන දෝෂත්ව හැඟීම් මුසු වේදනාවයි.දෙමාපියන් හා සමාජය විසින් නරක යැයි අදහස් කරන ලද යම් යම් දෑ මීට අයත් වේ.මෙවැනි චර්‍යා සමාජය තහනම් කොට ඇති ඒවාය.ඇතම්විට දඩුවම් පවා ලැබිය හැක.මෙවන් දෑ සිදු කිරීමෙන් දැඩි පසුතැවිල්ලක් ඇති වේ.
මේ අංශ දෙක සුපර් ඊගෝ තුළ තහවුරු කෙරෙනුයේ දෙමාපිය වැඩිහිටියන්ගේ ත්‍යාග හා දඩුවම් මාර්ගයෙනි.
කෙසේවුවද, පුද්ගලයා නීතිගරුක, ගුණගරුක පුද්ගලයෙකු බවට පකරනුයේ සුපර් ඊගෝ විසිනි.
ෆ්‍රොයිඩ්ගේ මතය අනුව සාර්ථක පෞරුෂයක් බිහිවීම සදහා ඊගෝ අහංභාව්‍ය ඉඩ් හා උපරි අහංභාව්‍යට වඩා ශක්තිමත් වියයුතුය.
Supiri ❤️
ReplyDeleteවැදගත් සටහනක්❤️🙏
ReplyDelete❤️
ReplyDelete