ලිංගික අධ්‍යාපනය

 

ලිංගික අධ්‍යාපනය යනු

"චිත්තවේගීය සම්බන්දතා සහ වගකීම්,ලිංගික අවයවයන්හි අභ්‍යන්තර ව්‍යුහය,ලිංගික හැසිරීම්,ප්‍රජානනය,සෞඛ්‍ය,අයිතිවාසිකම්,වගකීමෙන් යුතු ලින්ගික හැසිරීම්,උපත්පාලනය සහ ලිංගික වේරමණිය ආදි මිනිසාගේ ලිංගිකත්වය හා බැඳි සියල්ල පිළිබදව ම දැනුම ලබාදීමයි."

"ජීවින්ගේ ලක්ෂණ අධ්‍යනය කිරීම ලිංගිකත්ව අධ්‍යාපනය යි"

                -ජෝන් ජේ බර්ටි-

"ලිංගික අධ්‍යාපනය යනු ලිංගික ප්‍රතිචාර සහ ප්‍රජනනය පිළිබඳ විවිධ කායික මනෝවිද්‍යාත්මක හා සමාජවිද්‍යාත්මක අංශයන්ගේ උපදෙස් සමූහයයි"

                -ලීප්සන්-

ලිංගික අධ්‍යාපනයේ ඉතිහාසය

සාමප්‍රදායික සමාජයේ බොහෝ සංස්කෘතින් වල ලිංගික කරුණු සාකච්චාවට නුසුදුසු දෙයක් විය.එනිසාම යෞවන යෞවනියන් තුළ ලිංගිකත්වය පිළිබඳ පැවතුණේ අඩු දැනුමකී.පළමුවරට ඔවුන් එම දැනුම ලබාගන්නේ විවාහය ආසන්න වීමත් සමග සිය දෙමාපියන්ගෙනි.නමුත් 19වන සියවසේ ආරම්භ වුණු ප්‍රගතිශීලි ඉගෙනුම් ව්‍යාපාරයක් මගින් උතුරු ඇමරිකාවේ පාසල් විෂය මාලාවට ලිංගික අධයාපනය හඳුන්වා දෙන ලදී.එතැන් සිට වර්තමානය දක්වා ලොව බොහෝ රටවල ලිංගිකත්වය අධ්‍යාපනයට ප්‍රධාන තැනක් හිමිවේ.

ලිංගිකත්ව අධ්‍යාපනයේ අරමුණු

  • අනවශ්‍ය ගැබ් ගැනීම් වැළක්වීම
  • ලිංගික අපයෝජන පිළිබඳ දැනුවත් කිරීම
  • ඒඩ්ස් වැනි රෝග පැතිරීම වැලැක්වීම
  • අන්තර්ජාලය හරහා වන අයුතු බලපෑම් අවම කිරීම
වයස අනුව ලිංගිකත්ව අධ්‍යාපනය ලබාදෙන ආකාරය...

අවු 5-8 දක්වා
අවු 9-12 දක්වා
අවු 12-15 දක්වා
අවු 15-18 හෝ ඊට වැඩී....

ළමා ලිංගික අපයෝජන

ළමා ලිංගික අපයෝජනයක් යනු වැඩිහිටියෙක් කිසියම් ලිංගික ක්‍රියාවක් සඳහා දරුවෙකු යොදා ගැනීමයි.ගැහැණු දරුවන්ට සාපේක්ෂව පිරිමි දරුවන් ද මේ අපයෝජනයන්ට ලක්වේ. 

ජාතික ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට අනුව ළමා අපයෝජන 1000 පමණ වසරකට වාර්තා වේ.කොරෝනා තත්වය මත ළමා ලිංගික අපයෝජන ඉහළ ගොස් ඇතැයි මහාචාර්‍ය මුදිත විදාන පතිරණ(ළමාරක්ෂක අධිකාරිය) කර ඇත.

ලිංගිකත්වය පිළිබද ඇති අතාර්කික මත

  • එකම ලිංගයේ හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සාමාජිකයින් අතර තිබෙන ආදරය,ආකර්ෂණය ලිංගික හැසිරීමයි
  • සමාජය මෙය පිළිකුල් සහගත අසාමන්‍ය චර්‍යාවක් ලෙස දකී
  • කළල අවධියේ මොළයේ හයිපොතැලමස කොටස හෝමෝන වලට අඩු වැඩි වශයෙන් නිරාවරණය වීමෙන් ඇතිවන වෙනස්කම් සමග වැඩිවියට පැමිණීමේදී සමලිංගිකත්වය ඇති වේ.
ස්වයං වින්දනය

ළමයින් වැඩිවියට පත්වී ක්‍රමානුකූලව සිදුවන හෝමෝන වෙනසකම් සමග මෙම ක්‍රියාවට යොමුවීම සාමන්‍ය තත්වයකී.කාන්තාවන් 70% හා පුරුෂයන් 98% ක් මෙම ක්‍රියාවේ නියැලේ.තමාගේ ලිංගේන්ද්‍රිය හෝ වෙනත් සංවේදී කලාප ස්පර්ශ කරගැනීමෙන් තමාම වින්දනයක් ලැබීම ස්වයං වින්දනයයි.
ලාංකීය සමාජයේද ස්වයං වින්දනය අසාමාන්‍ය චර්‍යාවක් ලෙස සමහරුන් දකී .නමුත් එය අසාමාන්‍ය ක්‍රියාවක් නොවේ.( මනෝවිද්‍යා උපදේශක කමල්.එස්.ජයසේකර මහතා)

කන්‍යා පටලය/කන්‍යා භාවය

ස්ත්‍රී යෝනී මාර්ගය අභ්‍යන්තරයෙහි පිහිටා ඇති පටලය කන්‍යා පටලයයි.කාන්තාවන්ගෙන් කාන්තාවන්ට කන්‍යා පටලයේ ගණත්වය ,විවරයේ හැඩය,ප්‍රමාණය වෙනස් වේ.

ක්‍රීඩා කිරීමෙන් කන්‍යා පටලය බිඳීමකට ලක්වන බවට,සෑම කාන්තාවකටම කන්‍යා පටලයක් තිබෙන බවට හා පළමු  ලිංගික හැසිරීමෙන් ම කන්‍යා පටලය බිඳීමකට ලක්වන බවට විවිධ මත පවතී.නමුත් කාන්තාවන්ගෙන් 20%-25% අතර ප්‍රමාණයකට කන්‍යා පටලයක් පිහිටන්නේද නැත.

ලිංගික සංක්‍රාන්තිකයින් යනු

ක්ලයිනෆෙල්ටර් සහලක්ෂණය  (klinefelter syndrome) යන වර්ණදේහමය වෙනස්වීමෙන් ලිංගික සංක්‍රාන්තිකයින් බිහිවේ.

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග

මාරාන්තික ලිංගාශ්‍රිත රෝගයනට ගොදුරු වන ප්‍රමානය මේ වනවිට ඉතාමත් බහුලය.වයස අවුරුදු 25-49 කාන්තාවන්ද,වයස 15-50 පුද්ගලයන්ද මෙයට වැඩිවශයෙන්ම ගොදුරු වී ඇත. සමාජයේ බහුලවම පවතින ලිංගික රෝග කිහිපයක් ලෙස,
  • ඒඩ්ස්
  • ලිංගික ඉන්නන්
  • උපදංශය
  • හර්පීස්
  • ක්ලැමීඩියා
  • ගොනෝරියා
ඒඩ්ස්

පාසල් ළමුන් ඇතර මෙය පැතුරීමට වැඩි ඉඩකඩක් ඇත.2014 ලිපියක- ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන)

  වර්ෂය         රෝගීන්
2012                 180
2013                  196
2014 මුල් මාස 6දී 110

එසේම මේ රෝගය ව්‍යාප්තියට බලපෑ තවත් කරුණක් ලෙසට ( වෛද්‍ය අධ්‍යක්ෂ සිසුර ලියනගේ,),

2013 සමීක්ෂණයකට අනුව ස්ථානගතව ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් 15000-20000 පමණ ප්‍රමානයක් ඇත.

 ඒඩ්ස් බහුලවම පිරිමින්ට ව්‍යාප්ත වීමක් දැකිය හැක.2018 දත්තයන්ට අනුව 46% ප්‍රමානයක් සමලිංගික සබදතා දක්වන පිරිමි පුද්ගලයන්ට මෙය වැළදි ඇත.

ලංකාවේ 0.01% වඩා අඩු ප්‍රමාණයකින් මෙම රෝගය ව්‍යාප්ත වූවන් ඇති බවට වාර්තා වේ.(ඒඩ්ස් මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චී)

ලිංගික ඉන්නන්

ලංකාවේ 25% ක වගේ ප්‍රමානයකින් ව්‍යාප්තව ඇත.මේ රෝගය බෝවීමට,
සමලිංගික චර්‍යා
ලිංගික සහකරුවො කීඔඅදෙනෙකු සමග ලිංගික සංසර්ගය
දුම්පානය
ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතා
ආසාදිතයන් සමග ලිංගික කාර්‍යයේ යෙදීම 

    ආදීය දැක්විය හැක.

මෙයට බලපාන වෛරසය නම් හියුමන් පැපිලෝමා වෛරසයයි.වැඩි වශයෙන්ම ගැබ්ගෙල පිළිකා ඇතිවනුයේද මෙම වෛරසයෙනී.ආසාධිත මවකගෙන් දරුවාට ඇතිවිය හැකිය.ගැබ්ගෙල පිළිකා වලට මග පෑදේ.

සිපිලිස් (උපදංශය)

ට්‍රෙපොනිමා පැලිඩම් යන බැක්ටීරියාව මගින් ව්‍යාප්ත වේ.ස්නායුවලට,ශරීර පටක වලට,මොළයට නැවත සුවකළ නොහැකි තරමේ හානි කිරීමේ හැකියාවක් මෙම බැක්ටීරියාවට ඇත.ලංකාවේ 2000 වසර වනවිට මෙම රෝගය අඩු වුවද මේ වෙනකොට 8% වැනි ප්‍රමාණයකින් සමාජය පුරා ව්‍යාප්ත වේ.

මෙම රෝගය,

සිපිලිස් තුවාල ස්පර්ශයෙන් කෙනෙක්ගෙන් කෙනෙක්ට ව්‍යප්තවිය හැක.මේ තුවාළද ශරීරයේ ඕනෑම තැනක තිබිය හැක.

එකම භාජන වල ආහාර ගැනීම,වැසිකිළි භාවිතය,පිහිනුම් තටාක ආදිය හරහාද බෝවිමක් සිදුවේ.

සිපිලිස් ස්පර්ශ වීම් වැඩි වශයෙන්ම සිදුවනුයේ පිරිමි පිරිමි සමලිංගික සබදතා පැවැත්වීමෙනි(75%) 

ගොනෝරියා

නෙයිසරියා ගොනෝරියා බැක්ටීරියාව මගින් ව්‍යාප්ත  වේ.මෙම රෝගය රෝගි පුද්ගලයෙක්ගෙන් නීරෝගි පුද්ගලයෙකුට බෝවිය හැක.මවගෙන් දරුවාටද බෝවේ.තරුණ තරුණියන්ට වඩා වැඩිහිටි පුද්ගලයන් මගින් මෙම රෝග කාරකය ව්‍යාඔත වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇත.පුරුෂයන් අතර වන සමලිංගික සබදතා හේතුවෙන්ද මෙය ඉක්මනින් බෝවේ.මුඛ සංසර්ගයෙන්ද බෝවීමට ඉඩ ඇත.

හර්පීස්

හර්පීස් සිප්ලෙක්ස් යන වෛරසයෙන් අසාධනය වේ.ලංකාවේද වසරකට මේ වෛරසය ආසාදනයවූවන් 3000 ක් පමණ හමුවේ.
   උදා:- ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන

2019 ,
පිරිමි 1386
ස්ත්‍රී 1926 වශයෙන් වාර්තා වී ඇත.

මෙම රෝගයේ ලක්ෂණ නම්,

  • ලිංගාශ්‍රිතව පවතින කුඩා වේදනාකාරි තුවාල
  • මූත්‍රා දැවිල්ල
  • ලිංගාශ්‍රිතව ඇතිවන කැසීම
එසේම මලදරු උපත්, අධ දරු උපත් ද ඇති විය හැක.

මීට අමතරව තවත් ලිංගාශ්‍රිත රෝගයන් ගණනාවක් ලෝකයේ පුරා  ව්‍යාප්තවී ඇත.







Comments

Popular posts from this blog

උපදේශනය තුළින් අපේක්ෂා කරන ඉලක්ක

සංගහනය සහ නියැඳිය

උපදේශන කුසලතා