Posts

උපදේශන කුසලතා

 දක්ෂ මනෝවිද්‍යා උපදේශකවරයකු වීමට නම් උපදේශන කුසලතා අත්‍යවශ්‍ය වේ.උපදේශකවරයා උපදේශන කුසලතා වලින් හෙබි අයෙකු නමොහුට මනා ලෙස ගැටලු විශ්ලේෂණය කිරීමේ හැකියාවක් පවති.එසේම ඉන්පසුව එම ගැටලුව සාර්ථක ලෙස නිරාවරණය කරගැනීමට ද හැකියාව පවතී .උපදේශනයේදී උපදේශකවරයා තමා පිලිබඳවත්,උපඋපදේශලාභීන් පිළිබඳවත් මනා අවබෝධයෙන් සිටීම වැදගත් වේ.උපදේශකවරයා අගතියෙන් හා පක්ෂග්‍රාහීත්වයෙන් තොරවිය යුතුය .අගතිය යනු ජාති,ආගම්,කුල මල,දුප්පත් පොහොසත්  භේදයයි.මේ සම්බන්ධයෙන් වෙනස්කම් උපදේශකවරයා නොදැක්විය යුතුය.එනම්, ගණිකාවන් ,මත්ද්‍රව්‍ය ඇබ්බැහි අයෙක්,කුඩුකාරයෙක් යනාදි කවරෙකුට වුවද සමානව උපදේශනය ලබාදිය යුතුය.ඔවුනට ලේබල් නොගැසිය යුතුය. උපදේශනය හරහා විවිධ ගැටලු යොමුවේ.ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ,ව්‍යභිචාර,ළමා අපයෝජන ,ළමා හිංසනය,ලිංගික අක්‍රමතා ,ළමා විශාදය ,කාංසාව,පෞරුෂ අක්‍රමතා ,ලිංගික සම්ප්‍රේෂණ රෝග,යනාදි විවිධ වූ ගැටකු උපදේශකවරයකු වෙත යොමුවේ.මේ සම්බන්ධයෙන් උපදේශකවරයාට උපදේශන කුසලතා පැවතීම අත්‍යවශ්‍ය වේ. උපදේශනලභියෙකු උපදේශකවරයා ගෙන් අපේක්ෂා කරන දේ උපදේශලාභියා කාන්තාවක් නම් ඇගේ කතාවට බාධා නොකර එය අවසන් වනතුරු හොදින් ඇහුම්ක...

සංගහනය සහ නියැඳිය

නියැදීම   විශාල සමූහයක් පිළීබඳ නිගමන වලට එළඹීමේදී අදාල සමූහය නියෝජනය වන ලෙස කුඩා කොටසක් පරික්ෂා කිරීමෙන් නිගමනවලට පැමිණෙන අවස්ථා හඳුනාගත හැක.එය නියැදීමයි. උදා:- වෙළදපොලට නව නිෂ්පාදනයක් හදුන්වා දීමට යාමේදී එයට පැවතිය හැකි ඉල්ලුම පිළිබඳ තෝරාගත් පාරිභෝගිකයන් කිහිපදෙනෙකුගෙන් අදහස් ලබාගෙන ඒ අනුව නිගමන වලට එළැඹීම. සංගහනය කිසියම් අධ්‍යනයකදී අධ්‍යනයට භාජනය විය යුතු සියලුම ඒකකයන්ගේ කුලකය සංගහනය වේ. උදා:- කැළණිය විශ්ව විශ්‍යාලයේ මේ වනවිට සිටින සියලුම සිසුන් සංගහන වර්ගීකරණය සංගහනය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ. 1. සංගහනයේ පවතින ඒකක ප්‍රමාණය අනුව 2. සංගහනයේ පවතින ඒකකවල ස්වභාවය අනුව සංගහනයේ පවතින ඒකක ප්‍රමාණය අනුව , පරිමිත සංගහනය අපරිමිත සංගහනය පරිමිත සංගහනය          සංගහන ඒකක සංඛ්‍යාව ගැනිය හැකිය.          සංගහන ඒකක පරිමිත සංඛ්‍යාවකී.( සීමිත සංඛ්‍යාවක් සහිත නිශ්චිත ඒකක සංඛ්‍යාවකින් යුක්ත සංගහනයකී.) උදා:- කිසියම් නිශ්චිත කාල පරාසයකදී ශ්‍රී ලංකාවේ ජීවත් වන කුටුම්භ අපරිමිත සංගහනය          සංගහන ඒකක සංඛ්‍යාව ගැනිය නොහැක. ...

අභිප්‍රේරණය හැදින්වීම

අභිප්‍රේරණය සහ පෞරුෂය පිළිබඳ මනෝවිද්‍යාව යටතේ මූලික සංකල්ප 2ක් පිලිබව ගැඹුරින් හදාරනු ලැබේ.එනම්, අභිප්‍රේරණය සහ පෞරුෂය යි.මෙම සංකල්ප දෙකම සාමාන්‍ය  මනෝවිද්‍යාවට අයත් සංකල්පයකි. අභිප්‍රේරණය නම් සංකල්පයට කායික විද්‍යාත්මක පදනමක් පවතී .යම්කිසි පුද්ගලයෙක් අභිප්‍රේරණය වනවිට .හෝමෝමවල ජෛව රසායන සංයුතීන්හි වෙනස්කම් ඇතිවේ.එමගින් පුද්ගලයා තුළ ශක්තියක් නිපදවේ.එමගින් යම් යම් දේවල් කිරීමට පුද්ගලයව පොලඹවයි.              අභිප්‍රේරණය තුළ චර්‍යාත්මක පසුබිමක්ද පවතී. එනම් අභිප්‍රේරණය වූ කළ ප්‍රදර්ශනය කරනු ලබන චර්‍යාවකි.මිනිසුන් යම් යම් ජයග්‍රහණ ලබනුයේ අභිප්‍රේරණය තුලින් තමන්ගේ චර්‍යාව ශක්තිමත් කලවිටය.එසේම අභිප්‍රේරණය තුල ප්‍රජානනමය පසුබිමක්ද පවතී . එනම් "අප සිතන ආකාරයයි"          "මට මෙය කල හැකිය "යනුවෙන් සිතන විට පුද්ගලයා ඒ සදහා අභිප්‍රේරණය  වේ.චර්‍යාව ශක්තිමත් වී පුද්ගලයා ජයග්‍රහණය කරා යොමුවේ.අත පය නැතිවුවද ,එම පුද්ගලයා ගේ චින්තනය ශක්තිමත් නම් චර්‍යාව ශක්තිමත් වේ."මට යමක් කල හැකිය" යනුවෙන් සිතන විට කායික විද්‍යාත්මක පිබිදීමක් ...

ලිංගික අධ්‍යාපනය

  ලිංගික අධ්‍යාපනය යනු "චිත්තවේගීය සම්බන්දතා සහ වගකීම්,ලිංගික අවයවයන්හි අභ්‍යන්තර ව්‍යුහය,ලිංගික හැසිරීම්,ප්‍රජානනය,සෞඛ්‍ය,අයිතිවාසිකම්,වගකීමෙන් යුතු ලින්ගික හැසිරීම්,උපත්පාලනය සහ ලිංගික වේරමණිය ආදි මිනිසාගේ ලිංගිකත්වය හා බැඳි සියල්ල පිළිබදව ම දැනුම ලබාදීමයි." " ජීවින්ගේ ලක්ෂණ අධ්‍යනය කිරීම ලිංගිකත්ව අධ්‍යාපනය යි"                 -ජෝන් ජේ බර්ටි- "ලිංගික අධ්‍යාපනය යනු ලිංගික ප්‍රතිචාර සහ ප්‍රජනනය පිළිබඳ විවිධ කායික මනෝවිද්‍යාත්මක හා සමාජවිද්‍යාත්මක අංශයන්ගේ උපදෙස් සමූහයයි"                 -ලීප්සන්- ලිංගික අධ්‍යාපනයේ ඉතිහාසය සාමප්‍රදායික සමාජයේ බොහෝ සංස්කෘතින් වල ලිංගික කරුණු සාකච්චාවට නුසුදුසු දෙයක් විය.එනිසාම යෞවන යෞවනියන් තුළ ලිංගිකත්වය පිළිබඳ පැවතුණේ අඩු දැනුමකී.පළමුවරට ඔවුන් එම දැනුම ලබාගන්නේ විවාහය ආසන්න වීමත් සමග සිය දෙමාපියන්ගෙනි.නමුත් 19වන සියවසේ ආරම්භ වුණු ප්‍රගතිශීලි ඉගෙනුම් ව්‍යාපාරයක් මගින් උතුරු ඇමරිකාවේ පාසල් විෂය මාලාවට ලිංගික අධයාපනය හඳුන්වා දෙන ලදී.එතැන් සිට වර්තමානය දක්වා ලොව බොහෝ රටවල ...

උපදේශනය තුළින් අපේක්ෂා කරන ඉලක්ක

  උපදේශනයේ ඉලක්ක.....          මනෝවිද්‍යා  උපදේශකවරයෙකු වශයෙන් උපදේශන ක්‍රියාවලියේදී අපේක්ෂා කරන ඉලක්ක කිහිපයකි.මනෝවිද්‍යාත්මක සෛධාන්තික ආකෘතීන් හා සමාජමය අරමුණු ගෙන බලන විට මනෝ උපදේශනයේ ඉලක්ක හා මනෝප්‍රතිකාරයේ ඉලක්ක විවිධ වනු ඇත.මනෝඋපදේශන ඉලක්ක හා මනෝප්‍රතිකාර ඉලක්ක පිළිබඳ විවිධ අදහස් තිබේ. වර්තමානයේ උපදේශනය විෂය ක්ෂේත්‍රයට වැඩි ඉල්ලුමක් පවතී.එනම්,සමාජය තුළ,එදිනෙදා ජීවිතයේ මිනිසුන් මුහුණ දෙන්නා වූ විවිධ ගැටළු පවති.මෙම ගැටලු හේතුවෙන් මිනිසුන් මානසික අක්‍රමතාවන්ට ගොදුරු වීමට ඉඩ ඇත. උදා:- ආර්ථික අපහසුතා (දුප්පත්කම ) මෙම දුප්පත්කම ආර්ථික අපහසුතා හේතුවෙන් පැනනගී.එවිට මානසික වශයෙන් පුද්ගලයනට ක්ලමතය ඇතිවේ.මෙලෙස සමාජය අනුව,සංස්කෘතිය අනුව,උපදේශන න්‍යායන් අනුව,උපදේශන ඉලක්ක,මනෝප්‍රතිකාර ඉලක්ක ආදී සියල්ල ඉදිරිපත් වේ. මෙම උපදේශන ඉලක්ක ප්‍රකාශිතව නිරාවරණය වේ.එසේ නොමැතිනම් උපදේශකවරුන් මෙම ඉලක්ක ව්‍යංගයෙන් හෝ අපේක්ෂා කරනු ලැබේ. 1. අන්තර්ඥානය   උපදේශනය සඳහා අන්තර්ඥානය වැදගත් වේ.  අපගේ ඇතුළාන්තයෙන් එන්නා වූ එන්නා වූ ඥානය අන්තර්ඥානය වේ.යම්කිසි පුද්ගලයකුගේ මානස...

උපදේශන මනෝවිද්‍යාඥයාගේ කාර්යයන්

 උපදේශන මනෝවිද්‍යාඥයකු සිදු කරනුයේ මොනවාද? 1.ප්‍රධාන වශයෙන් උපදේශන මනෝවිද්‍යාඥයකු සිදුකරනුයේ උපදේශනලාභීන් සමග කටයුතු කිරීමයි.එනම්, උපදේශනය අවශ්‍ය කරන පුද්ගලයන් සමග කටයුතු කිරීමයි. 2.එසේම පුළුල් පරාසයක පැතිර පවතින කාරණා සම්බන්ධයෙන් අවධානය යොමුකරයි. 3.මනෝප්‍රතිකාර සිදුකරයි.       උදා:- මානසික ලිහිලන අභ්‍යාස                 මෝහනය                 ප්‍රජානන ප්‍රතිකාරය                4.උපදේශකවරයකු ඉගැන්වීමක් සිදුකරයි. පර්‍යේෂණයන් සිදුකරයි. සමාජයේ පවතින ගැටලුවක් මුල්කරගෙන පර්‍යේෂණ සිදුකරයි.       උදා:- වැඩිහිටි නිවාසවලට දෙමාපියන් යොමුවනුයේ ඇයි?                 වැඩිවශයෙන් දික්කසාද සිදුවනුයේ ඇයි?      මේවාට පර්‍යේෂණ සිදුකර විසඳුම් ඉදිරිපත් කරයි. 5. වෘත්තීය සංවර්ධනය සම්බන්ධයෙන් උපදේශන මනෝවිද්‍යාඥයන් සැලකිලිමත් වේ. 6.තක්සේරුකරණයන් සිදුකරයි.     උදා:- මානසික රෝග පිළිබඳ    ...

ෆ්‍රොයිඩ්ගේ මනස පිළිබඳ සංකල්පය

Image
  ෆ්‍රොයිඩ්ගේ මනස පිළිබද සංකල්පය පෞරුෂයට බලපාන ආකාරය..... ෆ්‍රොයිඩ්ගේ ඉගැන්වීම් අනුව මිනිස් මනස ප්‍රධාන අංශ තුනකින් සමන්විතය.එනම්, විඥානය උපවිඥානය අව්ඥානය ආදී වශයෙනි.මනසෙහි මෙම කොටස් තුන පිහිටා ඇති ස්වභාවය විස්තර කිරීම සදහා ෆ්‍රොයිඩ් විසින් උපමාවක් දක්වා ඇත.එනම්  "සාගරයේ පාවෙන අයිස් කන්දකී" අයිස් කන්දේ පිටතට පෙනෙන හතරෙන් එකක් වැනි සුළු කොටස මොහු හඳුන්වා ඇත්තේ "විඥානය" නමිනි.විඥානයට සම්බන්ධ ක්‍රියාවන් ලෙසට, චින්තනය තර්කනය කථනය ප්‍රජානනය   වැනි ස්වෙච්ඡාවෙන්ම සිදුකරනු  ලබන ක්‍රියාවන් අදාල වේ. එසේම මුහුදු මට්ටමට පහතින් පිහිටා ඇති,එනම් ගැඹුරු මුහුදේ පවතින හතරෙන් තුනක් වැනි කොටස ෆ්‍රොයිඩ් හඳුන්වනුයේ "අවිඥානය" ලෙසිනි.අවිඥානය අපගේ අවබෝධයෙන් දුරස්ව පිහිටා ඇත.එසේම අවිඥානය මනසේ වැදගත්ම අංශය ලෙසට ෆ්‍රොයිඩ් සැලකුවේය.අවිඥානය යනු මනසේ ප්‍රබලම අංශය වේ. අවිඥානය මනසේ වැදගත්ම කොටස වීමට බලපෑ සාධක සාධක නම්, අවිඥානය මනසෙහි විශාලම කොටස වේ. අවිඥානය මනසේ ප්‍රධානම කොටස වේ. පුද්ගලයාට සහජයෙන්ම උරුම වේ. පුද්ගලයා උපතින්ම ගෙනෙනුයේ අව්ඥානයයි.අවිඥානික ගුලියක් ලෙසට පුද්ගලයා උපත ලබයි.පසුවිග...